සමහරක් අය තමන්ගෙ ආදරේ දිනා ගද්දි තවත් සමහරක් එයාලගෙ ආදරෙන් පැරදුනා.ඒත් ජීවිතේ එතනින් ඉවරද? කොහෙත්ම නෑ! ඒක අලුත් බලාපොරොත්තුවක්.....තවත් අවස්තාවක්.ඉතින් ඒ වගේ ආදර කතා මේ ලෝකෙ හැම තැනම තිබුනා. ජැක් රෝස්ට අයිති වුනෙත් නෑ රෝමියෝ ජුලියට්ට අයිති උනෙත් නෑ.......අන්න ඒ වගේ තමයි මේ කතාවත්......
'ඔයාට මං කියන දේ තේරුම්ගන්න බැරිද ජීහු.....මං කොහොමද ඔයා නැතුව මේක කරන්නෙ?අපි මේක එකටම කරමු......ඒක ගොඩක් ලස්සනට තියෙයි....හ්ම්ම්...එහෙම නේද?'
මිශ්ටි කොච්චර පැහැදිලි කරන්න හැදුවත් ජීහු හිටියෙ වෙනමම මතේක.ඒත් මිශ්ටි මේ දඩබ්බර කොල්ලට ගොඩක් ආදරේ කරා.අවුරුදු 2ක ආදරයක් ඒක.ඒත් ජීහුට මිශ්ටිව එපා වෙලයි තිබ්බෙ. ඒත් ඉතින් කොලේජ් එකට හිටපු එකම ආඩම්බර දඩබ්බරකාරයා ජීහු නෙවේ. එයා වෙනමම නපුරෙක් .
'හ්හ්.....සුහේ...ල්....බලන්නකෝ එයාගෙ ලස්සන.....කියුට් අනේ'
'මට එයාව මිරිකන්න හිතෙනවා.......අනේ එයා මගේ උනානම්.....'
මුලු කොලේජ් එකේ ඔක්කොම කෙල්ලො පැනි හලපු එකම කොල්ලා.කොලේජ් එකේ කොච්චර කොච්චර ලස්සන කොල්ලො හිටියත් ඒ එක්කෙනෙක්වත් සුහේල් ගාවින් තියන්න බෑ. හිතුවක්කාර නපුරෙක් වගේම ගොඩක් දක්ශ කෙනෙක්. ඒත් සුහේල්ගෙ නම් හිතේ මේ කෙල්ලො ගැන කිසිම අදහසක් තිබ්බෙ නෑ.
'සුහේල්....බලන්න මං ඔයාට ගෙනාපු දේ මොකක්ද කියලා....ශෝක් නේ' එක කෙල්ලෙක් හිටියා මීශා කියලා.ඒ කෙල්ලගෙ වැඩේම අපේ මේ නපුරට බැල්ම දාපු එක.දැනුත් මේ වගේ විකාර පෙට්ටියක් උස්සගෙන එයා ගාව හිටගෙන ඉන්නෙ මීශා.
'මට ඕවා බලන්න වෙලාවක් නෑ.....අහකට....' සුහේල් මීශවත් තල්ලු කරගෙන බාස්කට් බෝල් කෝට් එකට ගියේ ප්රැක්ටිස් කරන්න.
'මහම මහ නපුරෙක්! ඉන්නකෝ බලාගෙන.....ඔයාව මං මගේම කරගන්නවා සුහේල්'
මීශට නම් හොදටම යකා නැගලා හිටියේ.මීශා අනිත් කෙල්ලන්ට වඩා ගොඩක් වෙනස්.විච්චූරන ඇදුම් ඇදගෙන මේකප් තලි පිටින් මූනෙ උලාගෙන එන මීශව දැක්කම සුහේල්ට මුලු ගෑනු සංහතියම එපා වෙනවා.