" එයාට ඇයි එච්චර ට ම ආදරෙ කරන්නෙ "
" මොකක් .. ඇයි එහෙම අහන්නෙ "
" නෑ .. මන් ඇහුවෙ හේතුව ..ඇයි ආදරෙ කරන්න එයාවම තෝර ගත්තෙ "
" මට එයාට ආදරේ කරන්න හේතු නෑ ... හැබැයි මන් ආදරෙයි "
" එයා හරියට මේ ලෝකෙ ඉන්න එකම පිරිමි කෙනා වගෙ නෙ ඔයා කතා කරන්නෙ "
" ම්ම්ම් .. ඔව් ... සමහරවිට එයා වගෙ ඉන්න එකම කෙනා එයා වෙන්න පුළුවන් "
" ඔයා එයාට ඇබ්බැහි වෙලා කියලා හිතෙන් නැද්ද "
" නෑ...ඒ උනාට මන් හිතන් නෑ කිසිම කෙනෙක්..තව කෙනෙක් ට ඇබ්බැහි නොවී ආදරෙ කරනව කියල ...තව කෙනෙක් ට ආදරෙ කරනව නම් අනිවාර්යයෙන්ම එතන පොඩිම හරි ඇබ්බැහියක් තියෙනවමයි"
" ඔයා ඔය ආදරෙ කරන කෙනා හොදම කෙනා නෙවෙයි නම් මොකද කරන්නේ"
" අනිත් අය එයා දිහා බලන විදිහ මට වැඩක් නෑ ... එයාව අනිත් අය එයා තමයි ලෝකෙ ඉන්න නරකම කෙනා කියලා ලේබල් කලත් මට කමක් නෑ "
" ඇත්තටම එයාට ආදරෙ කරන්න හේතුව ක් ඇත්තෙම නැද්ද "
" එයා හරිම ආදරණීය ආඩම්බරකාර නපුරෙක් ....ඒ තමයි මන් හොයන කෙනා ... මන් හිතන්නේ නෑ වෙන කිසිම පිරිමියෙක් ට මන් වගෙ කෙල්ලෙක් ව මෙච්චර ට ම දරාගන්න පුළුවන් කියලා "
" ඉතින් "
| හේතුවක් නෑ ... ඒත් මන් හරිම ආදරෙයි ☺️❤️|
🌸🖤
YOU ARE READING
There's No Reason To Love ♡ [OneShot]
Short Story..............ආදරේ කරන්න හේතුවක් ඕනිමද.............