Chapter 20 (The End)

180 29 4
                                    

කාමරේට ගිහින් Haoxuan ලගින් ඉදගත්තු jiyang කොල්ලගේ ඔලුවේ කෙස් අතරින් අත යවන්න පටන් ගත්තා....

"මම ඔයාව කොහොමහරි බේරගන්නවා Haoxuan....බැරි වුනොත් ඔයත් එක්ක යන්න මමත් එනවා...."

Haoxuanගේ නොගැහෙන පපුවට ඔලුව තියාගත්තු jiyang ඇස් දෙක පියාගත්තා...

පහුවදා උදෙන්ම Haoxuanවයි Jiyangවයි ලෑස්ති කරවගත්තු Mr.xiao jiyangගේ තාත්තාගේ ගෙදරට ගියා....ඒ වෙනකොටත් හැම file එකක්ම Mr.xiaoගේ අත්සනත් එක්ක Mr.yangගේ අතට ගිහින් තිබුනා....Jiyang Haoxuanව උස්සන් ගිහින් ඇදලා තිබුනු හුණු වටය ඇතුලෙන් තිබ්බා...ඊට එහායින් තිබුනු හුනුවටයේ jiyang වාඩිවෙද්දී jiyangගේ අත තුවාල කරපු Mr.yang ලේ වලින් වීදුරුවක් පුරවගත්තා වගේම ඒ ලේ Haoxuanගේ කටට බින්දුව බැගින් වැටෙන විදිහට තිබ්බා.....පැය දෙකකට ආසන්න කාලයක් අසුර ආත්ම වලට ආරාධනා කරපු Mr.yang Haoxuanගේ ආත්මය නැවතත් ඒ ශරීරයට තියලා බද්ධ කරා....Haoxuanගේ ඇස් ඇරෙද්දී Jiyangගේ ඇඟෙන් බලය ටිකෙන් ටික Haoxuanගේ ඇග උරාගත්තා.....අධික ලේ වහනය සහ අධික වේදනාව නිසා jiyang සිහසුන් වෙද්දි Haoxuan ඇස් දෙක ඇරියා.....

"Jiyang...."

Haoxuanගේ කටින් මුලින්ම පිටවුනු වචනය ඒක වෙද්දී Mr.Xiao ගිහින් haoxuanව නැගිට්ටෙව්වා.....

"Zhao...jiyangව ගන්න..."

"මම මගේ යුතුකම ඉශ්ට කරා..."

"ගොඩක් ස්තූතී...පුතා වෙනුවෙන් මම ස්තූති කරන්නම්..."

"හ්ම්ම්..."

Mr.yangගේ ගෙදරින් එලියට ආපු Mr.xiao කොල්ලෝ දෙන්නව කාර් එකට දාගෙන ගෙදර ගියා...
Mr.xiao haoxuanව වගේම Zhao jiyangව උස්සගෙන ඇවිත් කාමරේ ඇදෙන් තිබ්බා....
කොල්ලෝ දෙන්නම තද නින්දක පසුවෙනකොට Mr.xiao සැනසුම් සුසුම් හෙලුවා....

"Papaa...."

"දූ..."

"Jiyang කෝ..?"

"දූ...ආයෙමත් ඒ ළමයාට කරදර කරලා අහුවෙන්න එපා...මම ආයේ මේ විදිහට ඔයාට හොදින් කියන්නේ නෑ...."

"මට සමාවෙන්න පපා...මට ඕනේ එයාගෙන් සමාව ගන්න විතරයි...."

"හ්ම්ම්...එයාට සිහිය නෑ... ආවම බලමු..."

"Leah...මම ඔයාට සමාව දීලා ඉවරයි...."

"Jiyang..."

"පුතා..."

"ගොඩක් ස්තූතියි තාත්තේ...මගේ මැණික පොඩි එකෙක් වගේ නිදි..."

"ටිකක් එහෙම ඉන්න දෙන්න මගේ බෑනට..."

"අයියෝ තාත්තා..."

"අනේ ඉලන්දාරියාගේ ඇබරිල්ල බලහන්කෝ...හා හා අර ළමයා ලගට වෙලා ඉන්නවා...."

"හරි තාත්තා...."

නිදාගෙන හිටපු Haoxuanගේ මූන දිහා බලන් හිටපු jiyang නලලට සිනිදු හාදුවක් දුන්නා....

"අදින් පස්සේ මගේ වැම්පයර් කොල්ලව මම ආදරෙන් බලාගන්නවා...."

"හා තව කිස් එකක්..."

ඇස් දෙකත් වහගෙනම Haoxuan එහෙම කිව්වා...

"පෙනේද හොරකම හොරෙන් අහන් ඉන්නවා බොරුවට නිදි වගේ වදුරා..."

"ඔයාට මම ගොඩක් ආදරෙයි මගේ ගෙම්බෝ..."

"මමත් ඔයාට ආදරෙයි වදුරෝ...."
_________________
End 🥴🤍

Blood Thirst (Yangxuan) (Complete)Where stories live. Discover now