Chapter 2

3.1K 555 54
                                    


"හ්‍යුන්ග්.." ටේහ්‍යුන්ග් නම්ජුන්ට කෝල් කරද්දි රෑ දොළහ පහුවෙලා තිබ්බා. රෑ දොළහෙන් පස්සෙ එයාලට විශේෂ හේතුවක් නැතුව එළියෙ ඇවිදින්න තහනම් උනු නිසා නම්ජුන්ට කෝල් කරන්න ටේහ්‍යුන්ග් හිතුවා. රෑ දොළහ පහුවෙලා තිබ්බත් නම්ජුන් ඇහැරලා ඉන්නෙ කියලා ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා. මොකද සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල සිසුන් මධ්‍යම රාත්‍රිය වනතුරු අවදියෙන් ඉන්නවා. Assignments, reports එක්ක නිදාගන්න තියෙන කාලෙ අඩුවෙලා යන එක ගොඩක් සාමාන්‍යයයි.

"අහ්.. යන්තම් ඔයා කතාකරා. මං බලාගෙන හිටියෙ කෝල් කරනකම්." ටේහ්‍යුන්ග්ගෙ කටහඬ ඇහෙද්දි නම්ජුන් කිව්වා.

"සොරි හ්‍යුන්ග්.. දවසම පට්ට බිසී වෙලා හිටියෙ. දැන් තමයි වෙලාවක් හම්බුණේ."

"ඔව් ඔව්, මම දන්නවා. මට කතා කරන්න ඕනෙ උනෙත් ජූනියර් කෙනෙක් ගැන තමා."

"ජූනියර් කෙනෙක් ගැන?? ඒ මොකක්ද හ්‍යුන්ග්?"

"ඔයා ජින් හ්‍යුන්ග්ව දන්නවා නේද?"

"අහ් අර සුපර් සීනියර් හ්‍යුන්ග්.. ඔයාගේ යාළුවා?"

"ඔව් එයා මගෙන් දෙයක් ඇහුවා..." නම්ජුන් කිව්වෙ දෙගිඩියාවෙන්. එයා ටේහ්‍යුන්ග් ගැන හොඳට දැනන් හිටියා. ඒත් ජින් හ්‍යුන්ග්ට බෑ කියන්න නම්ජුන්ට පුළුවන් උනේ නෑ.

"මොකද්ද?" ටේහ්‍යුන්ග් නොඉවසිල්ලෙන් ඇහුවා. නිකරුණේ එයාගෙ කාලෙ නාස්ති කරන අයට ටේහ්‍යුන්ග් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

"එයාට ජන්ග්කුක් කියලා කසින් කෙනෙක් ඉන්නවා. ඉතින් එයා මට කිව්වා එයාගේ මල්ලිව රැග් කරන එකෙන් පොඩ්ඩක් අයින් කරලා දෙන්න බැයිද කියලා ඔයාගෙන් අහන්න කියලා. එයා දන්නවනේ අපි දෙන්න නෑයො කියලා. ඒකයි එයා එහෙම ඇහුවේ." නම්ජුන් කිව්වෙ ඇස් තදකරලා පියාගෙන.

"මොන මගුලක්ද ජුනී හ්‍යුන්ග්? මං හිතන්නේ ඔයාට තාම මතක ඇති මම ජුන්නෙක් වෙලා හිටපු කාලෙ මාව රැග් එකෙන් අයින් කරලා දෙන්න කියලා මං ඔයාගෙන් ඉල්ලුවෙ නෑ. මං කිසිම දේකට ඔයාව ගාවගත්තෙ නෑ. මොකද රැග් එක කියන්නෙ හැමෝටම මූණ දෙන්න වෙන දෙයක්.. මොකටද ඒක මගාරින්නෙ බයගුල්ලෙක් වගේ?? ඔයා මාව හොඳටම දන්නවනේ හ්‍යුන්ග්.. මම කැමති නෑ ඔය වගේ කොන්දක් නැති වැඩ වලට. ඔයා එයාට කියන්න, එයා සින්නෙක් උනත් මට ඒක නම් කරන්න බෑ කියලා. මට අලුත් බැච් එකේ හැමෝම එක සමානයි. ඒ හින්දා මං කාටවත් විශේෂයෙන් සලකන්නේ නෑ." ටේහ්‍යුන්ග් උපහාසාත්මක ස්වරයකින් පිළිතුරු දුන්නා. "මට විශ්වාස කරන්න බෑ එයාලත් කලින් ජූනියර්ස්ලා වෙලා හිටියා කියලා... මෝඩයෝ." එයාගෙ හිත එහෙම කිව්වා.

E.N.E.M.I.E.S  [Taekook] ✔️Where stories live. Discover now