Chapter 5

2.8K 530 52
                                    


"මම කිව්වෙ උඹලගෙ කණ්ඩායමේ ඉන්න හැම එකාගෙම විස්තර ලියාගෙන වරෙල්ලා කියලා. ඒත් උඹලා කාටවත් ඒක තේරිලා නෑ වගේ. ඇයි උඹලා හැට හැත්තෑවකගෙ විස්තර විතරක් ලිව්වෙ?? අනිත් උන් උඹලගෙ කණ්ඩායමේ නෙවෙයිද? උන්ව එපාද?" සාමාන්‍යයෙන් ප්‍රියමනාප කෙනෙක් උනු ජිමින්ගෙ පෙනුම ඒ වෙලේ භයානක වුණා. එයා ඉස්සරහ හිටගෙන හිටපු ගෑනුලමයා ගැස්සිලා ගියා.

"එහෙම නෙවේ.." කෙල්ල බයෙන් මිමිණුවා

"එහෙනම් කොහොම එකක්ද?"

"මට ඊයෙ නින්ද ගියා මහන්සියට."

"කීයටද නිදාගත්තෙ?"

"10.30ට විතර."

"හහ්? තමුන් දන්නවද..., මං ඊයෙ නිදාගත්තෙ දොළහත් පහුවෙලා." එහෙම කියපු ජිමින් එයාගෙ අතේ තිබ්බ කොළටික කෑලි කෑලි වලට ඉරලා දැම්මා.

"උඹලා සේරම මේ විදිහට උඹලගෙ අතේ තියෙන කොළටික ඉරන්න ඕනෙ. මේ තරමටම පොඩිවෙන්න ඕනෙ හරිද? අනිත් කාරණේ එක කෑල්ලක් බිම දාන්න බෑ එකෙක්වත්.. අතුගාන අයට ආයෙමත් මේක අතුගාන්න දෙන්න බෑ.. තේරුණානෙ?" 

"හරි දැන් පලයව්. කොල කෑලි ටික සේරම අරන් ගිහින් කුණු බක්කියකට දානවලා. අහ්, යන්න කලින් මතක තියාගනින් ආයෙත් මේ වගේ දෙයක් වෙන්න බෑ. ඊළඟ දවසෙ එද්දි 150ම විස්තර හැම එකාගෙම අතේ තියෙන්න ඕනෙ. ඒක පැවරුමක් විදිහට පිළිවෙලට කරන්න ඕනෙ. කොළේ වටේට ඉරක් ගහලා ඉස්සරහට මුල් පිටුවකුත් දාලා තියෙන්න ඕනෙ. එකෙක් හරි හරියට කරලා තිබ්බෙ නැති උනොත් අනිත් උන්ටත් දඬුවම් විඳින්න සිද්ද වෙයි. හ්ම්ම්, දැන් යන්න පුළුවන් කට්ටියට." ජිමින් එහෙම කියලා අනිත් සීනියර්ස්ලා සෙට් එකත් එක්ක කැන්ටිමෙන් එළියට ගියා.

"හහ් හා! උන් ටිකගෙ මූණු දැක්කද? අබ ඇට දැම්මොත් පිපිරෙන සයිස්. මට හිතුනෙම එක්කෙනෙක් දෙන්නෙක් හරි තරහ ඉවසගන්න බැරුව පුපුරයි කියලා." බෝගම් කිව්වේ හිනාවෙන ගමන්.

"ගොඩක් උන්ට තාම අපේ අරමුණ තේරිලා නෑ. අපි උන්ට තව සතියක් විතර දීලා බලමු."

"ඒත් අපිට වැඩි කාලයක් නෑ. ඊයේ ඩීන් සර් මාත් එක්ක කතා කරලා සෝශල් එක ගැන ඇහුවා." ටේහ්‍යුන්ග් කියද්දි ජැක්සන් එයාට එකඟවුණා.

E.N.E.M.I.E.S  [Taekook] ✔️Where stories live. Discover now