Wang Yibo
අවුරුදු 28යි. W Group of Company එකේ CEO. පවුලේ එකම දරුවා. මුරණ්ඩු, හිතුවක්කාර, ඉක්මනට කේන්ති යන සීතල ගතිපැවතුම් ඇති යීබෝ ගෙදරට හුරතල් ආදරණීය චරිතයක්. දෙයක් කරනවා කියල හිතුවොත් ඒක කරන එක කරනවාම තමා.
Mr. Wang
අවුරුදු 58යි. චීන අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු ඇමති ය. පවුලේ අයට ආදරේ දක්වන, සමාජයට සේවයක් කරගෙන රට දියුණු කිරීමට විශාල සේවයක් කරන සමාජශීලී පුද්ගලයෙක් ලෙස ලෝකයා කතා වෙයි.
Mrs. Wang
සැමියාට මෙන්ම තමන්ගෙ දරුවාටත් යුතුකම් වගකීම් ඉටු කරන ආදරණීය චරිතයක්. ඒ වගේම යීබෝට පන මෙන් ආදරේ කරන, විටෙක සහෝදරියක් මෙන් අසලින් සිටීයි.
Chen
යුනිවර්සිටි කාලේ ඉඳන් බෝගේ හොඳම යාලුවා. බෝගේ දුකට සැපට හැමදේටම ඉන්නේ මේ චෙන්. බෝගේ company එක ආරම්භ කරන්න බොක්කෙන්ම උදව් කරපු චෙන් දැන් එයාගෙම ව්‍යාපාරයක් කරගෙන යනවා.
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🔥♥️ යීබෝ පපාට ගොඩක් ආදරේ කළත්, දේශපාලනයට කැමති නැති නිසා වෙනම apartment එකක ඉන්නෙ. ඒත් සතියකට සැරයක් ගෙදර ඇවිල්ලා මමා, පපාගෙ දුක සැප බලලා හුරතල් වෙලා යන එක බෝගේ පුරුද්දක්. යුනිවර්සිටි අවුට් වෙලා තමන්ගෙ මහන්සියෙන් යුනිවර්සිටි එකේ හොඳම යාලුවා චෙන්ගෙත් උදව් ඇතිව W Group of Company එක ආරම්භ කළා. ඒක දැන් චීනයේ ව්‍යාපාර ලෝකය තුළ ඉහළින් ඉන්න company එකක්. හැබැයි යීබෝගෙ තාත්තා චීනයේ විදේශ කටයුතු ඇමති කියලා ගොඩක් දෙනෙක් දන්නේ නෑ. බෝ දේශපාලනයට සම්බන්ධ පවුලකින් කියලා කාටවත් අඟවන්න ඕන උනෙත් නෑ.
YOU ARE READING
THE LOVE OF REVENGE 🔥♥️ (ON HOLD)
Fanfiction💚 "ඔයා කරපු දේවල් වලට වන්දි ගෙවන්නම වෙනවා මිස්ටර් සීන්.... බලන් ඉන්නවා මොකක්ද තමුන්ට වෙන්නේ කියලා. මම මේකට පළිය ගත්තෙ නැත්තන් මම වන්ග් යීබෝ නෙවෙයි." ♥️ "මම කරපු දේ නිසා ඔයාට කොච්චර රිදෙන්න ඇතිද? මම කොච්චර ලොකු වරදක්ද කළේ. එහෙම එකේ ඔයා මට මෙච්චර ආද...