INCEPTION _00

93 13 22
                                    

එදාත් වෙනද වගේම එක දවසක් . මම ගෙදරින් එළියට ආවෙ ගෙදට්ට ඔනි කරන බඩු වගයක් අර ගන්න .
හොඳටම වැස්ස . පායන පටක් නම් පෙන්නම නෑ , හරි ලස්සනට වහිනවා .... පාරෙ වැඩිපුර මිනිස්සු නෑ

ගොඩක් කාලයක් පායලා අද තමා එක පාරට වහින්න ගත්තේ . ලොකු නැවුම් බවක් තියනවා .

හරිම ශෝක් ..... සනීපයි

මාව පහු කරන් යන මිනිස්සු දිහා බල බල මම හිමීට ඇවිඳගෙනම ගියේ ශොප් එකට .

කුඩෙ උඩට වතුර බින්දු වැටෙන සද්දෙ හරියට මියුසික් එකක් වගේ .

මෙ වගෙ නිදහසෙ ඉන්න තියනවනම් හැමදාම .

හැමදාම හැමදෙයක්ම මට ඔනි විදිහට තියනවා ඈ ...

හිත හිතම ශොප් එක ළඟටත් ඇවිල්ලා . මම කුඩේ එලියෙන් තියලා ඇතුලට ගියා .

ශොප් එකෙත් මිනිස්සු දෙතුන් දෙනයි .
මම හිමීට මට ඔනි කරන බඩු තොරන්න ගත්තා .

කොහොමෛන් කොහොම හරි ඔනි කරන බඩු ටික අරන් ශොප් එකෙන් එලියට ඇවිල්ලා බලනකොට මගෙ කුඩේ නෑ .

' අය්යෝ වැස්ස නිසා කව්රු හරි කුඩෙ අරන් ගිහිල්ලා වගේ .... '

දැන් තද වැස්සක් නැති උනත් පොඩි පින්නක් තිබුණා .
කරන්න දෙයක් නෑ මෙහෙම තමා යන්න වෙන්නෙ .

කලුවර වැටිලා වැස්ස දවසක් නිසා පාරෙ මිනිස්සු අඩුයි .
පාර එලිවෙලා තියෙන්නෙ විදි ලාම්පු වලින් .

පාරෙ එහා මෙහා යන වහාන වලින් නම් එ උනාට කිසි අඩුවක් නෑ .

ෆොන් එක එලියට ගන්න තිබ්බ කම්මලි කම නිසාම විදි ලාම්පු වලින් එන මලානික එලියෙන්ම මම පාර දිගෙ ඇවිදන් යන්න පටන් ගත්තා .

පින්නට මාව තෙමුනත් මට මගෙ ගමන ඉක්මන් කරන්න කිසිම විදියක උවමනාවක් තිබුනේ නෑ ... මට මෙ දැනෙන අමුතු නිදහස තව ටිකක් වෙලා ඔනි කරා .

මම තෙමි තෙමීම ටික දුරක් ඇවිදන් යනකොට මට ඇහුනේ මම ආසම සිංදුවක් . එක කොහෙන්ද ඇහෙන්නෙ බලන්න හැම තැනම බලනකොට මම දැක්කේ වැස්සට තෙමෙන්නැති තැනක ගිටාර් එකකුත් තියාගෙන සින්දුවක් කියන කෙනෙක් ව .

INCEPTION ✔Where stories live. Discover now