2 කොටස 🌸

398 127 41
                                    


SAKURA 🌸

----------------------

1997. මාර්තු. 14

ජපානය ඇමරිකාව එක්ක කරපු සාකච්ඡාවට පස්සේ ජපානයේ වාතාවරණය සංසුන් වුනා... හේතුව තවම හරියට නොදන්නවා වුනත් ඇමරිකන් හමුදාවත් තවම සකුරා දේශයෙන් ගිහින් තිබුන් නෑ... තත්වය මොනවා වුනත් හොක්කයිඩෝ නගරයේ ජීවත් වුන මිනිස්සු සාමන්‍ය විදිහට ආයේ ජීවත් වෙන්න පටන් අරන් තිබ්බේ රජයෙන් ඒකට අවසර දීලා තිබ්බා...

දින කිහිපයකට කලින් යුධ ගැටුම් වලින් පිරිලා ගිය හොක්කයිඩෝ නගරය දැන් සංසුන් ... පරිසරයත් දැන් ආයෙත් ජීවිතය අලුතෙන් පටන් ගන්න අරන් වගෙයි පෙනුනේ... ශිත කාලය අවසානය නිසා වැස්සත් හෙමින් හෙමින් පොළව සිපගන්න පටන් අරන්... සකුරා මල් පිපෙන්න අරන්... හිම දියවෙන්න අරන්.... ගෑස් ගද, දුම් ගද වෙනුවට නැවුම් සුවදක් හමන්න පටන් අරන්.... ඒත් මේ සුන්දරත්වය විදින්න මට තවත් සකුරා දේශයේ ඉන්න අවසර නැහෑ... ආයෙම යන්න තව දවස් 3ක් ඉතුරුයි.. මට තවමත් මගේ සකුරාව දැක ගන්න ලැබුනේ නැහෑ.....

ඔයා හොදින්ද සකූ ?...

ලැබුන නිවාඩුව එක්ක කරන්නත් දෙයක් නොතිබ්බ නිසා අද මං ටිකක් නගරෙට යන්න හිතන් ඉන්නේ... යන්න කලින් අන්තිම පාරට හරි හොක්කයිඩෝ නගරය මට සාමන්‍ය විදිහට බලන්න ආසයි... මෙහේ මිනිස්සු එක්ක ඉන්න ආසයි...

ඉතින් හොක්කයිඩෝ ...මං එනවා...

-කැප්ටන් ජොන්-

-----------------------------------------------------------------

දවසෙම මූලස්ථානයට වෙලා ඉදලා මට ඇති වෙලා තිබුණේ... උදේම නැගිටලා ටීම් එක බලලා උදේට කාලා දවසෙම කලේ ඔහේ වැනි වැනී ඉන්න එකයි කට්ටිය  එක්ක එකතු වෙලා සිංදු කිව්ව එකයි... පහුගිය දවස් ටිකේම මං හිටියේ සකූ ගැන හිත හිත වුනත් එයාව මුණ ගැහෙන්න මට යන්න වුනේ නැහෑ... හේතුව අපිට යන්න තිබ්බ දවස් ලං වුන නිසා මූලස්ථානයෙන් එළියට යන්න අපිට අවසර දුන්නේ නැහෑ... ජපානය සංසුන් වුනත් තවම හිත කීවේ ලොකු දෙයක් අත ලග කියලා. මොකද ඇමරිකන් හමුදාව තවම සන්නද්ධව ඉන්න නිසා..

හිටපු දවස් ටිකෙ වැඩ ටික ඉවර කර ගත්ත නිසා අද යන්තමින් එළියට යා ගන්න අවස්ථාවක් ලැබුනා.. සූබින්වත් එක්කන් යන්න හැදුවට මිනිහට නිවඩු දවසේ මහන්සි වෙනවා කියන්නේ මරන්න ගෙනියනවා වගේ .... තවත් කෙනෙක්ට කරදර කරන්න බැරි නිසාම මං සූබින්ව තියලා මං විතරක් එළියට ආවේ කලු ජැකට් එකකින් මුලු ඇගම වහගෙන... සීත කාලේ ඉවර වුනත් තවමත් සීතලේනම් අඩුවක් වුනේ  නැහෑ....

SAKURA 💮 || JJK  [ Completed ]Where stories live. Discover now