4 කොටස 🌸

328 126 33
                                    

SAKURA 🌸

----------------------

අවසානයට පෙර !

මාර්තු මස 17 වෙනිදා...

සකුර ගස් වල මල් පිපිලා පෙති සීසීකඩ ගිහින් පාර පුරා වැටිලා තිබ්බේ හරියට ලස්සන පළසක් වගේ... පුංචි පුංචි මල් පෙති , ඒ වගේම මල් තවම හරි ලස්සනට නැවුම් විදිහට තිබුණා..  මුලු හොක්කයිඩෝ නගරයම මල් වලින් වැහිලා ගිහින්.. සාමන්‍යයෙන් සීතල ප්‍රදේශයක් වුන හොක්කයිඩෝ නගරය මේ වගේ මල් වලින් වැහුනම දැනෙන්නේ වෙනම ලෝකෙක ජීවත් වෙනවා වගේ... තවම හරියට දිය වෙලා නොතිබ්බ අයිස් තට්ටු කදු මුදුන් වල දියාරු වෙවී වැටෙද්දි මිනිස්සු චෙරි බ්ලූසම් එහෙම නැත්නම් සකුරා මල් වල සුදරත්වය විදින්න පොරකනවා...

මේ සීතල විදින මොහොතේ සකුර මල් යට ඒ අතේ උණුහුම විදින්න ඇත්නම්.... සකු මං තවමත් ඔය උහුණුමට ලෝබයි... මට ඔයාව හුගක් මතක් වෙනවා...

අද මං එයාට මගේ හිතේ තියෙන දේ කියන්නයි යන්නේ.... ඔව් මං එයාට අද මාව මැරි කරන්න කියලා යෝජනා කරනවා...

එයා කැමති වෙයිද ?

-කැප්ටන් ජොන්-

-----------------------------------------------------------------

" කැප්ටන් ... "

" සකූ මට ඔහොම කතා කරන්න එපා ළමයෝ.. මං ඔයාගේ කැප්ටන් නෙවේනේ..."

සකූගේ අත අල්ලන් හිටිය මගේ අත ඒ අල්ලේ තද කරන ගමන් මං නෝක්කාඩුවෙන් එහෙම කිව්වත් සකූ කලේ තවත් මාව අවුස්සන්න කැප්ටන් කිය කිය ගරු නම්බු දීලා  කථා කල එකයි.. වෙලාවකට සකූත් නිකන් පොඩි දරුවෙක් වගේ... නර්ස් කෙනෙක් කියන එකත් එයාට අමතකයි....

මේ ගෙවෙන්නේ මං මේ සකුරා දේශයේ ඉන්න අන්තිම පැය කිහිපය.. තවමත් මට ඒ ගැන සකූට කියා ගන්න බැරි වුනා... ඇත්තටම මට යන්න උවමනා නැහෑ... කොහොමද මං යන්නේ.. ආදරේ කරන්න පටන් ගත්ත ගමන් වෙන් වෙන්නේ කොහොමද  ?... යන්න නියමිත වුනත් සකූව මගේ කර ගන්න මට උවමනායි.. දන්නවද ?.. ආදරේ කරන්න පටන් ගත්තම අපි ඕනාවට වඩා ලෝභ වෙනවා..  අපිත් හරියට පොඩි ළමයි වගේ වෙනවා... ඇත්තටම ආදරය බොලදයි .. මං හිතන් නෑ බොලද නැති ආදරයක් මේ ලෝකේ කොහේවත් ඇති කියලා.... මොකද එහෙම නොවුන තැනක ආදරයක් තියේවිද ?... අද මං මෙතනට ආවේ සකූට මාව විවාහා කර ගන්න කියලා යෝජනා කරන්න.. නමුත් මොකද්දෝ හේතුවකට මං තවම ගොලු වෙලා. ආව වෙලේ ඉදන් ඒ දේ කියා ගන්න බැරුව ලතැ වෙනවා...

SAKURA 💮 || JJK  [ Completed ]Où les histoires vivent. Découvrez maintenant