🍁 Is He My Groom?

113 21 103
                                    

🍁

"අනී ඔම්මා..... මට එයාව බඳින්න බෑ. තේරුම් ගන්නකෝ. ඒ වගේ බේබද්දෙක් එක්ක මං ඉන්නෙ කොහොමද ඔම්මා"

Mrs. Kang Yu min, තම දෙපා ළඟ වැඳ⁣වැටෙන කෙල්ල දෙස බලා සිටියේ කනස්සලකින්. මෙය තමාගේ තීරණයක් නොවන අතර තමාට මේ පිළිබඳව කිසිම දෙයක් නොකළ හැකි හෙයින් තම දියණියගේ කඳුලු නිරන්තරයෙන් අලුත් වුණි. ඔවුන්ට පසෙකට වන්නට සෝපාවේ හිඳගෙන සිටි Mr. Kang Ji sun කිසි දෙයක් නෑසුණ ලෙස ඔහුගේ පත්තරය බලමින් සිටියේය.

එක්වරම මවගේ දෙපා අසලින් නැගී සිටි Kang Ji Na හීයක වේගයෙන් ළඟ තිබූ මේසය වෙත ගොස් එහි පලතුරු කූඩය මත තිබූ කුඩා පිහිය දකුණතට ගෙන වමත දිගු කොට,

"ඔයාලාට මාව ඒ වගේ මනුස්සයෙක්ට බන්දලා දෙන්නනේ ඕන? ඊට වඩා හොඳයි මැරෙනවා."

කියා කීවත් Mr. Kang Ji Sun එය කනකටවත් නොත්තේය. එයින් තවත් කෝපාන්විත වූ Kang Ji Na මව දෙස බලද්දි දුටුවේ ඇ⁣ඟේ හැඬුම් කඳුලින් රතු වී වේලි ගිය මුහුණ නැවතත් එය දෙගුණ තෙගුණ වී කඳුලින් තෙත් වන අයුරුයි.

"අප්පා, මං අද මැරෙනවා. ඔයාලා ඉස්සරහම මැරෙනවා. තවත් මට බෑ මේක කරන්න. මං ඔයාගේ දරුවෙක් නෙමෙයිද අප්පා? මං ඔයාට ඉන්න එකම දුව නෙමෙයිද අප්පා???"

හඬමින්, ඉකි ගසමින් පැවසූ Kang Ji Na බලා සිටියේ තම පියාගෙන් පිළිතුරක්.

"Ji Na ඔයා ඕක කිව්ව දොළොස් වෙනි වතාව මේ. මගෙන් ගුටි නොකා ඔය පිහිය ඔතනින් තියලා දැන්මම කාමරේට යනවා!!!"

හිස ඔසව⁣න්නේ නොමැතිව පත්තරය දෙසටම නෙත් යොමා උස් හඬින් කියූ විට Ji Na තිගැස්සුනත් ඇයට මේ සිදුවන්න යන මහා විනසය නතර කරන්නටයි අවශ්‍ය වූයේ. තම පියා ව්‍යාපාර ලෝකයේ බලවතෙක් වූ හෙයින් Ji Na තමන් කෙරෙහි සිටියේ මහත් අප්පිරියාවෙන්. ඔහුගේ බලයට සමාන බලැති මැදි වයසේ පුද්ගලයෙක් Ji Naට ඇති රූමත් සිරුර තමන්ගේ කරගැනීමේ මහත් තණ්හාවෙන් Mr. Kang Ji Sun සමඟ ගණුදෙනුවක් කළේ Kang ව්‍යාපාරය තමන්ට පවරා ගැනීමටත් මෙය හොඳ අවස්ථාවක් බව සිත යටින් සතුටු වෙද්දි. එයට බෑ කිවහොත් Mr. Kang Ji Sunට වෙනත් තෝරාගැනීමක් නැති වන හෙයින් ඔහුට මෙයට එකඟ වීමට සිදු වුණි. එහෙත් කනගාටුවට හේතු කරුණ වන්නේ ඔහු එයට කිසි පැකිලීමක් නොමැතිව එකඟ වීමයි, එයින් සනාථ වන්නේ ඔහු තම දියණියටත් වඩා තම ව්‍යාපාරයට මුල් තැන දෙන බවයි.

🍁My Trustee🍁|| PJM Short Story || (COMPLETED✅)Where stories live. Discover now