ගතින් ගලන රුධිරයත් හිතේ ඇති වේදනාවක් හිත තුල දරාගෙන ජීසෝ හිමින් හෙමින් නැඟිටල ගෙදරට ආවා.ගෙදර එනකොටත් යෝරි මඟ බලාගෙන ඉන්නෙ හොදටම බය වෙලා එයාගෙ නියපොත්ත්කුත් හප හපමයි.ගෙදර පාස්වර්ඩ් එක ගහල දොර ඇරුන ගමන්ම යෝරි සෝෆා එකෙන් නැඟිට්ටේ ජීසෝට බනින්න හිතාගෙනමයි.
ජීසෝ ඉන්න විදිහ දැක්ක ගමන් යෝරිට කියන්න ගිය දේවලුත් අමතක උනා.ජීසෝ ලඟට දුවල ගිය යෝරි ජීසෝගෙ උරහිස් වලින් අල්ලගගෙන තමන්ගෙ මූනට එබුනෙ ගොඩක් විමසිල්ලෙන් ජීසෝව පිරික්සන ගමන්..
" ඔන්නී මේ මොකද උනේ ඔන්නි ..ඇයි මේ තුවාල වෙලා? හොදටම ලේත් එනවා කෝ මේ බෙල්ලත් එක්ක හීරිලා ඔන්නි මොක්ක්ද උනෙ අනේ මට කියන්න .."
ජීසෝව හරව හරව යෝරි ගොඩක් දුකින් විමසිල්ලෙන් ප්රශ්න වැලක් ජීසෝගෙන් අහන් ගියා.ජීසෝට පොඩ්ඩක් හිනා ගියේ තමන්ගැන වදවෙන්න මේ ලෝකෙ එකම එක කෙනෙක් හරි ඉන්නවා කියල දැනෙන නිසා.
වේදනාවෙන් උනත් හරිම අහිංසක විදිහට හිනා උන ජීසෝ
" අනී යෝරියා මට අවුලක් නෑ.මම මේ එනකොට පොඩි කැරකිල්ලක් වගේ එකක් ආව එතකොටම මාව පාරෙ ගිය කෙනෙක්ගෙ ඇගේ හැප්පිලා එතන තිබ්බ බන්කුවක ඔලුව වැදුනා.එහෙම තමයි තුවාල උනේ..මේක පොඩි තුවාලයක් විතරයි .බය වෙන්න එපා"
කොහොමද කියන්නෙ අවුරුදු දාහතකරකට පස්සෙ දැකපු ඒ ඇස් දෙකේ අයිතිකාරයා තමන්ට මෙහෙම කරා කියල කොහොම කියන්නද? ඒක නිසා බොරු ගොඩක් කිව්ව ජීසෝ යෝරිව ශේප් කරා.
" ඔන්නි ඔයා ඔයිට වඩා පරිස්සමෙන් ඉන්න ඕන.මුලින්ම ගිහින් වොශ් එකක් දාගෙන එන්න තුවාල වලට බෙහෙත් දාන්න."
" අනේ මගේ පන්ඩිත කෙල්ල ඉන්නකම් මම කිසිම දේකට බය නෑ."
ජීසෝ යෝරිගෙ මූනටත් පොඩි තට්ටුවක් දාල මවාගත්ත හිනාවකින් මූන පුරවන් තමන්ගෙ කාමරයට ගියා.
බාත්රූම් එකට ගිහින් ශවර් එක ඇරපු ජීසෝ සීතල වතුර යටට ගිහින් බිම ඉදගත්තා.මුලු දුකම වතුරට දිය කරල යන්න ජීසෝ මහහයියෙන් කෑගැහුවා.
Jisoo:
මම අද එතනට ගියේ මගේ හිතේ තිබ්බ් සැකය නිවැරදි කරගන්න .මගේ හිත පුනපුනාම ඒ එයා කියල කියනකොට මගේ මොලය කිව්වෙම ඒක වෙන්න බෑ කියල හදවතත් මොලයත් අතර කරපු ලොකු සටනකින් පස්සෙ මට හදවතට මුල් තැන දෙන්න හිතුනෙ ඇයි කියල කියන්න මම දන්නෙ නෑ හදවතට දැනුන දේ මම කරා.මම ගියා බලන් හිටියා ඉස්සර වගේම .
ඒත් එක්කම මුලු මූනෙන් ඇස් දෙක විතරක් පේන විදිහට ආපු මනුස්සයෙක් අන්තිමට මගේ මුලු ලෝකෙම කනපිට ගැහුවා.හිතාගන්නවත් බෑ.එයා කිව්ව දේවල් මගේ හිත කෑලි කෑලි වලට කඩන්න එයාගෙ ඒ වචන වලට පුලුවන් උනා.
ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ ඇයි ඔයා මට එහෙම කරේ හැමදාම කතා කරේ ඔයා
විතරයි මට ඔයා එක් වචනයක්වත් කියන්න දුන්නද ? මුලින්ම මාව බොරුවට රවට්ටලා මගේ ජීවිතයට් දැන් ඇවිල්ලා ඔයා මොකක්ද මේ කරන්න හදන්නෙ ? මට මේ වේදනාවන් තවත් දරාගන්න බෑ.ඇයි මට එහෙම් කලේ ඔයා....

YOU ARE READING
My precious number 13 [ completed]
Любовные романыහැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක් වෙනුවෙන් නොසෑහෙන්න බලන් ඉන්න පුලුවන්ද ඒක ආදරයක්ද නැත්නම් ඉවසීමක්ද? ඔව් මේ අවසානයක් සොයා පියමනින ඔවුන්ගේ ආදර කතාවයි.එය ආදරයක්ම වේවිද?