මුනගැසීම 💜️(chapter 9)

66 17 18
                                    

"යොබුසෙයෝ"

ගොඩක් රළු ගැඹුරු කටහඩක් ෆෝන් එක එහා පැත්තෙන් ඇහෙනකොට ජීසෝ එයගෙ ෆෝන් එක කනෙන් අයින් කරල ස්ක්‍රීන් එක දිහා බලල ආයෙත් කනෙන් තියාගත්තෙ මේ කවුද මේ කියල හිතන ගමන්.

" යොබුසේයො කියන්න.කවුද මේ"

"අහම් මේ කවුන්සිලර් ජීසෝ මැඩම් නේද"

"අහ්..නේ..නේ...මම තමයි."

" මැඩම් මට මැඩම් ලඟට එක්කන් එන්න කෙනෙක් ඉන්නවා.මට එයගෙ තත්වෙ හිතග්න්න බෑ.මැඩම්ට පුලුවන්ද අපිට එන්න් වෙලාව කියන්න."

"අහ්..නේ නේ..ඔයල සෝල් ස්ටේශ්න් එක ලඟ තියන ලේන් නම්බර් 102 එකේ ජීසෝ කවුන්සිලර් සෙන්ටර් එකට එන්න.  හවස පහට කලින් එන්න එතනදි කතා කරමු"

"අහ්...නේ..නේ..කම්සාම්මිදා සුබ දවසක්"

"නේ..නේ සුබදවසක්"

එහෙම කියපු ඒ කෙනා ෆෝන් එක තිබ්බා.

කාලයක් යනකම් ජීසෝට ගොඩක් වැඩ තිබ්බෙ නෑ .ඉතින් අලුතින් පටන් ගන්න යන ජිසෝට තවත් කෙනෙක්ගෙ හිත සුවපත් කරන ගමන්ම තමන්ගෙ ඉස්සරහ අනාගතය ලස්සනට පින්තාරු කරන්නයි ඕන උනේ.ආදරය පසුතැවීම හැමදෙයක්ම අමතක කරල දාපු ජීසෝ අලුතෙන් ම පටන් ගන්නයි යන්නේ.

හිනාවකින් මූන පුරවගෙන පුටුවෙන් නැගිට්ට ජීසෝ උඩට ගියේ ලෑස්ති වෙලා කවුන්සිලර් සෙන්ටර් එකට යන්න.

ටික වෙලාවකට පස්සෙ ජීසෝ ලෑස්ති වෙලා පහලට ආව එතකොට යෝරිත් වොශ් එකක් එහෙම දාල පහලට ඇවිල්ල හිටියෙ ටීවි එක බලන්න.

" ඔන්නි ඇයි මේ ලෑස්ති වෙලා ? ඔයා කොහෙහරි යන්නද?"

" අහ්..නේ..යෝරියා මම මේ කවුන්සිලර් සෙන්ටර් එකට යන්න කියල ක්ලයන් කෙනෙක් එනවා කිව්වා.ඉතින් ගිහින් ඉන්න කියල හිතුවා"

" අහ්.ඒක හොදයි ඔයත් කැමති වැඩක්නේ ඒක.වෙනසකටත් එක්ක .ගිහින් එන්න එනකොට කන්න දෙයක් අරන් එන්න"

හිනාවෙවී ම යෝරි කිව්වෙ ජීසෝගෙ අතකින් අදින ගමන් පොඩි ලමයෙක් වගේ

" අරස්සෝ අරස්සෝ..මම අරන් එන්නම්"

යෝරිට සමුදුන්න ජීසෝ යන්න ගියා.

My precious number 13 [ completed]Where stories live. Discover now