අහම්බෙන්💜️(chapter 12)

63 18 6
                                    

කැෆේ එකට වෙලා ආගිය තොරතුරු අරව මේව හැමදෙයක්ම ජිමින් සානා කතා කරා.
ඇති වෙනකම් හිනා උනා .ජිමින්ව ටික වෙලාවකට අතීතයෙන් ඈත් කරල වර්තමානයේ තියන්න සානට පුලුවන්කම ලැබුනා.  එහෙම තමයි තමන්ට ගොඩක් ආදරය කරන අය හැමතිස්සෙම බලන්නනෙ තමන්ව සතුටින් තියන්න තමයි.
ඒ වගේම ආදරයට පෙරලා ආදරය කරන්නත්, ලබන්නත් හැමෝටම අවස්ථා ව හිමිවෙන්නෙ නෑ.ඒත් ජිමින් සානා ට එහෙම උනේ නෑ.

මිනිස්සු ආදරය පෙන්නුම් කරන්නෙ එකඑක විදිහට සානා ජිමින් ට ආදරය පෙන්නුම් කරන විදිහත් ජිමින් ඊට ප්‍රතිචාර දක්වන විදිහත් සම්පූර්ණයෙන්ම වෙනස් .නමුත් ඒක ආදරයක්.එක එක් නිර්වචන ගොඩක් ඇතුලෙ හිර වෙලා තිබ්බ ඒකත් ආදරයක්.
කතාබහ කරල ඉවර වෙලා ජිමින්ගෙ අතේ එල්ලිලා ආපු සානා ජිමින්ගෙන් ඈත් උනා.ඈත් වෙලා..

" ඔප්පා..ඔයාට මම ආවට සතුටු නැද්ද.."

"අනී...ඇයි දැන් මගෙ කෙල්ල එහෙම ඇහුවේ.."

සානාගෙ කරට අතක් දාල ලන් කරගන්න ගමන් ජිමින් කිව්වා.

" නෑ..ඔප්පගෙ මූඩ් එක චේන්ජ්  වෙනවා හරිම ඉක්මනින් .මේ හිනා වෙනවා පස්සෙ ආයෙත් මූන ඇබුල් කරගන්නවා."

" අනීයෝ...එහෙම එකක් නෑ."

" එහෙනම් ඔප්පු කරන්න"

ජිමින්ගෙ බාහුවෙන් අල්ලගන්න ගමන් සානා හරිම ආදරයෙන් කිව්වා.එයාල දැනගෙන හිටියෙ නෑ එයාල මේ කොහෙද ඉන්නෙ කවුරු තමන් දිහා බලන් ඉන්නවද කියලවත් ඒත් ඇස් ගොඩක් එයාල දිහාවට යොමුවෙලා තිබ්බා.ඒ අතරින් ගොඩක් විශේෂ ඇස් දෙකකුත් එයාල දිහා බලන් හිටියා.

" ඔප්පු කරන්නද ඕන..ම්ම්.."

එහෙම අහපු ජිමින් සානගෙ කම්මුල් දෙක හරිම ආදරයෙන් සිපගගෙන ගොඩක් ලස්සනට සානා දිහා බලල හිනා උනා.

"යා....ජිමිනී..ඔයානම්.."

" මට නොකියා කිව්වෙ ඕකනේ..ඉතින් මම දුන්නා..දැන්වත්‍ යමුද මන්ස්ගාත කියවන්නෙ නැතුව.."

" අරස්සෝ අරස්සෝ යමු යමු "

ආයෙම අත් පටලවගෙන මේ දෙන්න කැෆේ එකෙන් එලියට ගියා.

My precious number 13 [ completed]Where stories live. Discover now