Page 01

1.2K 126 15
                                    

2017.09.16
සෙනසුරාදා

කලු දුමක් පිට කරමින් බසය වෙනදා වගේම කම්මැලි ගමන පටන් ගත්තා. එක අතකට ජනේලෙ අසල ඉදගෙන යන එකත් එපා කරපු වැඩක්. දූවිලි, වාහන දුම කෙලින්ම ඇවිත් වදින්නේ මූණෙ. ටික දුරක් යනකන්ම නාස් පුඩු අතරෙ රැදුණ ඒ අමිහිරි සුවඳ හොදටම පුරුදුයි. බස් නැවතුමේ ඉදන් විනාඩි පහකට විතර පස්සේ දකින ගෙදර තනි වුණ වයසක කාන්තාව උදෙන්ම නාලා ඉන්නේ ඇයිද දන්නෑ. සමහර විට එයාගෙ ලමයි රැකියාවට යන්න කලින් නාවන්න ඇති. ඒත් මේ සීතල දවසෙ එයාට නාන්න උණු වතුර ටිකක් ලැබුණෙ නැද්ද කියන එක මට ප්‍රශ්නයක්. මටත් අනවශ්‍ය දෙයක් මගේ ප්‍රශ්න වගේ හිතනවා ඇරෙන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද කියලා වෙලාවකට හිතෙනවා. නමුත් නිදහස් චින්තනය කියලා දේකුත් තාම තියෙනවානේ. බස් එක එක පාරටම ගැස්සුණා. මං හිතන්නේ ඈතින් දැකපු නැති පාරෙ කැඩුණ තැනක් ඩ්‍රයිවර් අයියා දකින්න ඇත්තෙ දැන්. ඒ එක්කම බිම දිගේ රෝල් වෙලා ආපු කවුරුහරි බීලා දාපු බීම බෝතලේ මගේ කකුලෙ වැදුණා. ඒත් මට හිතන්න පුලුවන් මේ බෝතලේ මූඩිය කොහෙද කියලා හරි බීම එක බිව්ව මනුස්සයා ගැන හරි.

මගීන් හැමෝම තම තමන්ගේ ලෝක වල. සැරෙන් සැරේට අලුතෙන් මගියෙක් එකතු වෙන ගානේ කෑ ගහන කොන්දොස්තරගේ හඩ හැමදාම දකින වේදිකා නාට්‍යක් වගේ. මගේ ගමනාන්තයට තව විනාඩි විස්සක්ම තියනවා. ඒ අතර තුර දකින සමහරක් මූණු හුරු පුරුදුයි. මොකද අවුරුද්දක් තිස්සේ උදේ 7.30 බස් එකේ ගමන් කරන සමහර මගීන් දැන් දැන් සුහදව මා එක්ක හිනා වෙන්න හුරු වෙලා.

ගමනාන්තයට තවත් විනාඩි පහයි. ඒ අතරෙත් මියගිය හමුදා නිලධාරියෙක්ට පින් පිණිස කියලා තාර පරේ අයිනක හදලා තිබුණ බස් නැවතුම ලග බස් එක නැවැත්තුවා. මං බලන් ඉන්නේ බස් එකට ගොඩවෙන අය දිහා. මං ඉස්සල්ලාම දකින්නේ තද කලු ඇස් දෙකක්. ඊට පස්සේ කිසිම හැගීමක් ලියවිලා නැති කම්මුල් දෙක. උරහිස් මතට වැටුණ කලු කොට කොණ්ඩෙ හරිම අපිළිවෙලයි. තැනින් තැන ඉරිලා තිබුණ ඩෙනිමක් ඇදන් හිටපු සංකර පෙනුමක් තියෙන ගෑණු ලමයා රුපියල් විස්සක් කොන්දොස්තරගේ අතට දුන්න එකෙන් මට හිතන්න පුලුවන් එකම දේ ඒ තරම් දුරකට යන කෙනෙක් නෙවෙයි කියලා. මං ඉස්සරහින් බහිනවා. දැනට මං මෙතනින් නවතිනවා.

°°°°°°°°°°°°°

අකමැති අය කියෙව්වෙ නැති වුණාට කමක් නෑ. මේක GL එකක්. දිගටම දෙන්නද ?

by blacklove

දිනපොත | 𝙶𝙻 ✔️Where stories live. Discover now