..
.
අදත් හැමදාම වගේ මගෙ අසමජ්ජාති යාලුවො සැට් එක මන් සුබ මොහොතින් වම් කකුල පෙරට තියල එද්දිම මැදින් ඇඩ් දාල මගෙ මූඩ් එක කෑවා.මටත් වඩා උන් මගෙ අජූත දෛවය ගැන හරියටම දැනන් හිටියා. මොකද වැඩක් පටන් ගන්නත් කලින් මන් ඒක අනාගෙන කාලා ඉදුල් වතුර එකත් නා ගෙන ගෙදර එන්නෙත් බඩගාගෙන කියල කල් තියා උන් මට කියනවා. ඒ කිව්වත් වගේම උන්ගෙ කුනු කතා ටික තක්කෙටම හරි යද්දි සුපුරුදු පරිදි මන් නාන්න පුලුවන් හැම විදිහකින් ම මඩත් එක්කම ඇදගෙන නෑවා.අදත් කියල වෙනසක් නෑ ඉතින්.කරදරේ වැටෙනව කියල දැන දැන මන් මගෙ මාංජමික දෛවෙට කෝචොක් පාරක් දාගෙන අනංගයගෙ මලපෙරේත මනමාල වර්ශන් එකෙන් ගෙයින් එලියට බැස්සා.
ගේට්ටුව ගාව ලාවුලු ගහේ හිටිය වදුරු පැටියත් කෑ ගහල කිව්වෙ අද ඔය ගමන ගියොත් තොගෙ කකුල් දෙක කැඩෙනව කියල හූන නිවුස් එකක් දුන්න කියල.පුහ්..අපි සැලෙයි ඕවට.ලග තිබුනු ගලක් අරන් ඌට දීල ඇද්ද පාර වදුරා හිටපිය තොට කියල ලාවුලු ගෙඩියකට අත තියද්දිම මන් පන කඩන් දිව්වෙ ගද ගහන ලාවුලුවලින් පේශල් එකක් දා ගන්න ඕනෙ නැති නිසා.ඊයා අප්පා.ඔය ජරාව කොහොම කනවද මන්ද.අපෙ අම්මියත් මන් හම්බෙන්න ඉද්දි කාලා තියෙන්නෙ ඔය ජරාවලු.ඒකනෙ මන් මෙච්චර සුදට සුදේ ඉන්නෙ.ඒ උනාට මට අපෙ අම්මව ශුවර් නෑ.ගහ උස වැඩි නිසා බිම වැටුනු ඒව තමා කන්න ඇත්තෙ.ඒ තරමට මල පෙරේතකමනෙ අපෙ එක්කෙනාගෙත්.ලාවුලු කිව්වොත් මාව හරි විකුනල කයි.අම්ම බත් කාඩ් එක කපනව කියල මරන තර්ජන නොකලනම් මන් මෙලහකටත් ඔය ලාවුලු ගහට වැඩේ දීලා.ආපහු හැරිල මන් වදුරට ඇද කරද්දි මූ ඉන්නව හිටපිය තෝ ගෙදර ආපුවාම කරන්නම් හොද වැඩක් කියන්..අපි බය වෙයි ඕවට.දැන් අහන්න එපා මට වදුරු බාශාව තේරෙනවද කියලා.මගෙ යාලුවො කියන හැතිකරේට අනුව වදුරු භාශාව තේරෙන්නෙ තවත් වදුරෙක්ටලු.පුහ්..අනේ උන්ගෙ ඉරිසියාව..මට සමහර වෙලාවට ලොවෙත් නැති බාශා තේරුම් ගන්න හැකියාවක් ඇති වෙන එකට උන්ගෙ ඔය පැලියාව තියෙන්නෙ.නැත්නම් අද යන ගමනටත් කොස් කටු දාන්නෙ නෑනෙ.
ඉම්ඩ බාන්ඩ...හි හි..පේන්න එකෙක්වත් නෑ.බයිසිකල් පොඩ්ඩව කකුලට ලං කරල හේත්තු කරන් මන් සාක්කුවෙන් මාස්ක් එකයි මගෙ රටක් වටින් කැප් එකයි දාගත්තා.දැන් නම් ඉතින් මට මාස්ක් එක නැතුව නිදා ගන්නවත් බෑ අප්පා.ඒ තරමට පුරුද්දට ගිහින්.මට තේරෙන්නෙ නැත්තෙ කොරෝන වෛරස් එක ඉලෙක්ට්‍රෝන අන්වීක්ශයකින් නිරීක්ශනය කරන්න තරම් පොඩි වෙද්දි මේ මාස්ක් දාලා වැඩක් තියේද අප්පා.නෑ ඉතින් මන් කියන්නෙ මාස්ක් එකේ නූල් අස්සෙන් ඕකට රිංගන්න බැරිද.අනේ මන්ද ඕන එකක්.මන් නම් කියන්නෙ මාස්ක් දැම්මත් නැතත් මැරෙන එකා කොරෝන නෙවෙ මදුරුවෙක් කාලා හරි මැරෙනවා.එහෙමයි කියල ඉතින් මාස්ක් නැතුව ඉන්න පුලුවන්ද.මේ සුදු බෝල මූනට කවුරුහරි හීල්ලුවොත් මොන දෙයියන්ට කියන්නද නේද.හි..හි.. මෙහෙ ඉන්නෙ මනුස්පයෙක්ට කියල ඉන්නෙ මන් විතරද කොහෙදො.ගැම්මක් තමා ඉතින්.අනේ පල යන්න මොන ගැම්මක්ද ඇදිරි නීතිය දැම්මම එකෙක්වත් පාරෙ ඉන්නව කියලයෑ.
YOU ARE READING
🌹Three Hours🌹( short Story ✔ )
Short Storyමගෙ දෛවය පස්ට මාංජමිකයි අෆ්ෆා.ඒත් මන් සැලෙනවද නෑනෙ නෑනෙ.එල කොල්ලෙක් විදිහට මල්සරාගෙ දුන්නත් මන් නයට ඉල්ලන් ඔය ගමන් ගියේ ඉල්ලගෙන කන්න වෙනව කියල දැන දැන.කවුද හිතුවෙ කෙල්ලෙක්ට මල්සරාගෙන් දුන්නෙන් විදින්න ගිය ඊතලේ කොල්ලෙක්ගෙ පපුවෙ වැදිල පරාවර්තනය වෙලා ම...