10th Petal

282 100 10
                                    

2nd update for the day!!

Jungkook's POV

ඊයේ දවසෙ මම කනු ටේයුන්ගේ ලිප්ස් දිහා මෝඩයෙක් වගේ බලන් ඉදලා ලැජ්ජා උන හැටි උදේ පාන්දරම මගේ මතකෙට එනකොට මම ඇදේ වාඩි වෙලා කිම් ටේයුන් ගැන ආයේ කල්පනා කරා. කිම් ටේයුන් හැන්ඩ්ස්ම් හොට් උනත් මට ලස්සනම උනේ ජිනී හ්‍යුන්ග්ව. කොට ජිමිනුත් වදයක් උනාට එයා කියුට් කියලා මට හිතුනත් කොට ජිමින් මගේ ලිස්ට් එකෙන් අයින් කරේ මට ආයේ ගුටි කන්න උවමනාවක් තිබ්බේ නැති නිසා. මම මොකටද මේ ලිස්ට් හදන්නේ කියලා හිතුවත් මට මොකුත් හිතාගන්න බැරි වෙනකොට මම ආයේ මගේ මේසේ උඩ තියලා තිබ්බ ජිනී හ්‍යුන්ග් ගේ පොත අරන් කියෙව්වා. දිනත් එක්ක ලියලා තියන පොඩි වචන මට කිසිම විදිහකින් තේරුම් ගන්න බැරි වෙනකොට මම හිතා ගත්තා ජිනී හ්‍යුන්ග්ගෙන්ම මේ ගැන අහනවා කියලා.

උදේ පාන්දර ගෙදර අයගේ සද්දය්ක් නැත්තේ ඇයි කියලා කල්පනා කරන ගමන් මම ප්‍රැක්ටිස් වලට ලෑස්ති උනා. වෙනදා බෑග් එකට ඩාන්සින් ප්‍රැක්ටිස් වලටත් ඇදුම් දාගෙන මම කෑම කාමරයට එනකොට ඔම්මා කෑම හදලා නෝට් එකක් එක්ක මේසේ උඩින් තියලා ගිහින් තිබ්බා. අප්පා කෝ කියලා හොයන්න හිතුනත් මගේ හිත කිව්වා උදේ පාන්දරම එයාව හොයලා මගේ ඔලුව අවුල් කරගන්න ඕනේ නෑ කියලා. ඒ හන්දා ඔම්මා හදලා තිබ්බ කෑමත් කාලා මම ඉක්මනට කොලේජ් ආවේ ප්‍රැක්ටිස් වලට පරක්කු වෙන්න බැරි නිසා.

ජිනී හ්‍යුන්ග් එයි එයි කියලා හිතාගෙන මම චේන්ජින් රූම් වලට ගිහින් ඇදුම් මාරු කරගෙන එලියට ඇවිත් ස්ටේඩියම් එකේ වාඩි වෙලා ඉන්න හරිය බැලුවත් ජින් හ්‍යුන්ග් වෙනුවට මම දැක්කේ ස්ටේඩියම් එකේ වාඩි වෙලා ඉන්න ජිමින් ඇතුලු අපාය සහය මිත්‍රයෝ ටික. ජිමින් මාව දැක්කම මම එයාව දැක්කේ නෑ වගේ ගියේ එයා මගෙ දිහා බලපු විදිහ එච්චර හරි නැති හන්දා. ඒත් මගේ ඇස් හොරෙන් ආයේ ඒ පැත්ත බලනකොට මම දැක්කා කිම් කණු ටේයුන්ග්ත් එතන වාඩි වෙලා එයාලා එක්ක කතා කර කර ඉන්නවා.

ජිමින් කිව්ව මොකකට හරි කිම් කණු ටේයුන් ජිමින්ගෙ අතට පහක් ගහන ගමන් හයියෙන් හිනා වෙනකොට මට තේරුනා කණු ටේයුන් හිනා වෙන්නත් දන්නවා කියලා. එයාගෙ හිනාව ස්ටේඩියම් එකම පුරාවට ඇහෙනකොට මගේ එහා පැත්තේ හිටගත්ත කෙනා දිහා බැලුවේ මූනෙ හිනාවකුත් එක්කමයි. පෙරලා මට හිනා උන එයා මාත් එක්ක කතා කරනකොට මම දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා.

Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed Dove le storie prendono vita. Scoprilo ora