නොසිතූ ලෙසට💜️(chapter 13)

55 18 5
                                    

Falshback .
Jimin's pov
ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.
මනුස්සයෙක් ට කන්න බොන්න නැතුව දවසක් දෙකක් ජීවත් වෙන්න පුලුවන් උනත් බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න් හරිම අමාරුයි.මොකද් බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නෙ..

ටේහ්‍යුන් ගෙ බලකිරීමට මම එතනට ගියත් මට එතන හරිම හුරුපුරුදු බවක් දැනුනා.ඒ සුවඳ ඒ පරිසරය මාව අවුරුදු දාහතකරකට ඈතට ගෙනියන්න සමත් උනේ මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක සේයාවක් පෙන්නුම් කරලා.එහෙම උනේ ඇයිද කියල මමදන්නෙ නෑ.ඒත් එතනෞනේ හිතාගන්න බැරි දෙයක්.

අර කෙල්ල එයා ඒ හිටියෙ මට හිතාගන්න බැරි උනා අපේ ඉරණම් මෙච්චර එකට බැදිල තියෙන්නෙ ඇයි කියලා.එයාගෙ ඇස් මගේ සුරංගනාවිගෙ වගේමයි ඒ ඇස් දිලිසුනා.මාව දැකපු ගමන් එයා මාව අදුරගත්තා.එයාගෙ ඇස් ගැස්සුනා ඒ ඇයිද කියල කියන්න මම දන්නෙ නෑ.සමහරවිට මම එදා එයාට කරපු දේ නිසා වෙන්න ඇති.
මොකක් හරි හේතුවකට මට එදා ටේහ්‍යුන් කියපු දේවල් ඇත්ත කියලහිතුනා.මම එයාගෙන් සමාව ඉල්ලුවා එයා සමාවදුන්නා.
මාව එයා පොඩ්ඩක් වත් ගනන් ගත්තෙ නෑ.මට කිසිම වෙන්සක් පෙන්නුවෙත් නෑ ඉතින් ඒත් එයා දිහා බලන මට මොනාදෝ අමුතු හැඟීම් ගොන්නක් මතකෙට එනවා .

එක පාරටම සානා ආවා .සාන එනවත් එක්කම එයාගෙ ඇස් පුදුමයෙන් ලොකු උනා.ඒ ඇයි කියල කියන්න මම දන්නෙ නෑ.ඒ ඇස් වල ගොඩක් ලොකු දුකක් හිරවෙලා තිබ්බා.සානා මාත් එක්ක ඉන්නකොට එයාගෙ ඇස් තරහින් දිලිසුනා මම හිත්න්නෙ මගේ කතාව අහපු එයාට මම හැසිරුන විදිහ නිසා ගොඩක් පුදුම ඇති.

මේ කෙල්ල හරිම අමුතුයි මම එයා දිහා බලන් කතා කරත් එයා මගේ ඇස් දිහා බැලුවෙ නෑ.

ටිකක් හවස් වෙනකම් මමයි සානයි ඇවිද්ද ඇති වෙනකම්ම.එයාට බඩු වගයක් ගන්න තියනවයි කියපු නිසා එයාව මඟ බස්සලා මම ගියේ අවසාන වතාවට අපේ මතක පිරුන ඒ සුන්දර පරිසරයට .

ඔව්..ඔව් මම ගියේ ජීවෝගෙ ගෙවල් ලඟට.
ගේ ලඟින් වාහනය නතරකරලා වාහනයෙ බොනට් එකට හේත්තු වෙලා ඒ ගේ දිහා මම බලන් හිටියා.මට පෙනුනා මම දැක්කා මගේ ජීවෝව .එයාගෙ දිහ කලු කොන්ඩෙත් කඩාගෙන ලස්සන ගවුමකුත් ඇදගෙන මගේ ඉස්සරහට ආපු අවසාන වතාව මම දැක්කා.එහෙම බල් ඉන්නකොට ඇස් වලට කදුලක් ආවෙ නිරායාසයෙන්මයි .හිත ඇතුලෙ මතක පාරනකොට මම අවසන් වතාවට හැරුනේ යන්න හිතාගෙන.ඒත් මම  දෙයක් දැක්කා..

My precious number 13 [ completed]Where stories live. Discover now