ගිනිගහන්න තිබ්බ අව්වෙන් බුසාන් අවට වෙලාගෙන තිබ්බත් ටිකින් ටික ඒ අව්ව බැහැහෙන එන්නෙ නිල් අහසෙ සංවර බවකුත් ඉතිරි කරලා.බුසාන් නගරය ගොඩක් කාර්යබහුල උනත් ඇතුලට වෙන්න තියන පාරවල් නම් කාර්යබහුල බව පෙනුනුම් කරේ නෑ.
මේ අතර වෙලාවටත් කලින්ම ඇවිල්ල තමන්ගෙ අත් දෙකත් එකට අතුල්ලන ගමන් තමන්ගෙ කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා ඉන්න ජිමින් ,එයා ලඟ තියන වතුර බෝතලය සැරින් සැරේට ඉවර කරන්නෙ හරිම කලබලයෙන් .
Jimin' s pov
කවුද ඔයා? මම දන්න තරමින් මගේ ජීවෝට සහෝදරියො ඉදල නෑ...ඒත් අර මනුස්සය කිව්ව විදිහට ඒ ඔයාද?
ආයිශ්..මගේ ඔලුව ගිනිගන්නවා වගේ .මේ හිටියා වගේ තව ටික වෙලාවක් ඉවසන්න ජිමින් .ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර ඉක්මනින් ලැබෙයි.
End of jimins pov.
ඒත් එක්කම එතනට ආවෙ අර කලින් දවසෙ කතා කරපු මනුස්සයා.ඒ කෙනා ඇවිල්ල ජිමින්ට බෝව් කරා.ජිමිනුත් ආපස්සට බෝව් කරා.
" අහම්...ඊයෙ කලබලයෙන් ගියත් හරි මේ මිස්ටර් ගෙ නම මට ....."
" අහ්...මම චා යෙන්"
" අහම්.. දේ දේ. .....මම පාර්ක් ජිමින්"
" අහ්...දේ .මිස්ටර් පාර්ක් මිස් එනවා කිව්ව දැන් ලඟ කිව්ව.තව ටිකකින් එයා එයි ."
"ආ....දේ..දේ.. මිස්ටර් චා මම දෙයක් අහන්නද මිස්ටර් චා මට ඇත්තම කියනවද?"
සාමාන්‍ය විදිහටම ජිමින් දිහා බලල හිනා උන මිස්ටර් චා ..
" මට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක් නම් අනිවාර්යයෙන්ම උත්තරක්දෙන්නම්."
" මේකයි මිස්ටර් චා ..ඔයාට හොදටම විශ්වාස ද ඒ මේ ගෙදර අයිති නෝනයි මහත්තයගෙයි දුවමද කියල".
ජිමින් ඒ අහපු ප්‍රශ්නෙ නිසා මිස්ටර් චා ජිමින් දිහා බැලුවෙ නිකම් මේ මොන බූරු කතාවක්ද මේ මිනිහ ඇහුවෙ වගේ.
" ඇයි මගෙන් මිස්ටර් පාර්ක් එහෙම අහන්නෙ.මම දන්න තරමින් නම් මිස්ටර් යන්ග් ටයි මිසිස් යන්ග් ට යි හිටියෙ එකම ලමයයි .මම ඒ ලමයව සොල් වල දි අහම්බෙන් අදුරගත්තෙ අනික මම නෙවෙයි එයයි මාව අදුරගත්තෙ.ඇත්තටම මට මලගෙදර ආරංචි උනත් මට එන්න බැරි ඒ දවස් වල මම මෙහෙ හිටියෙ නැතිනිසා.පස්සෙ දවස්ක අපේ මිස් හම්බෙලා තමයි මට විස්තරය කියල ගේ විකුනන්න ඕන බව කිව්වෙ.ඔන්න ඔහොම තමයි.
YOU ARE READING
My precious number 13 [ completed]
Lãng mạnහැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක් වෙනුවෙන් නොසෑහෙන්න බලන් ඉන්න පුලුවන්ද ඒක ආදරයක්ද නැත්නම් ඉවසීමක්ද? ඔව් මේ අවසානයක් සොයා පියමනින ඔවුන්ගේ ආදර කතාවයි.එය ආදරයක්ම වේවිද?