සටහනක් ♥️

253 32 12
                                    

සියල්ලට පෙර සටහනක්..

මං අහලා තිබුනා කතාවක් මිනිහෙක් වුනාම ගහක් වවන්න,පුතෙක් හදන්න,පොතක් ලියන්න ඕනි කියලා..

ඔයා දන්නවද..
මුලු ජීවිත කාලෙම මං කළේ ගස් වවන එක..ඒත් ඒ මහ පොළොවේ නෙමෙයි..මිනිස්සුන්ගේ හිත් අස්සේ..

මහා කුණාටුවලට ඉදිරියා වැටුනු පතාක ගස් වගේ හිත් විතරක් නෙමෙයි වතුර පොදක්වත් නැතිව වේලිලා ගිය පුන්චි පැළෑටි වගේ හිත් අස්සෙත් මං වැව්වේ බලාපොරොත්තුව කියන ගස්..බලාපොරොත්තු කියන ගස් හරි හයියයි..ගැලවිලා වැටුනත් ආයෙත් ඒ මුලින්ම ඉපදෙන හැටිත් ඒ හිත්වලට කියලා දුන්නේ මං..

අනිත් එක පුතෙක් හදන එක..
මේ ලෝකේ හැම කෙනාම පුත්තු විතරක් හැදුවනම් කෝ මේ ලෝකෙට පැවැත්මක්..පුත්තු විතරක් නෙමෙයි මේ ලෝකෙට ආදරේ කියලා දෙන්න දූලත් ඕනි..ඉතින් ඇයි මේ වෙනසක්..අනික මගේ ලෙයින් නොහැදුනත් දරුවෙක් කියන්නේ දරුවෙක්..ඉතින් අපි මේ ලෝකෙට දායාද කළේ දරුවෝ...රතු පාට ලේ එක්ක නහරක් නහරක් පාසාම ආදරය කරුණාව මනුස්සකම ගලන දරුවෝ..

ඒත් පොතක් ලියන එක..

මං හිතන්නේ ඒක මට මග ඇරුනා..
නෑ..මං ඒක මග ඇරියා..
මොකද මගේ ජීවිතේ සෑහෙන කාලයක් මං හුස්ම ගත්තේ මට ලියන්න ඕනි වුනු කතාව අසම්මතයක් විදිහට දැකපු සමාජයක් අස්සේ..

ඒත් මටත් තියනවා කතාවක්..
කෑ ගහලා හැමෝටම කියන්න බැරි තැන ගුලි කරලා පපුව අස්සේ හන්ගගෙන උන්නු කතාවක්..
ඒත් මං දන්නවා අපි දවසක නතර වුනත් කාලය ගතවෙලා යාවි..
හැමදේම වෙනස් වෙයි..
දවසක් එයි..
අපේ කතාවත් අසම්මතයට නොවැටි සම්මතයට වැටෙන..
ඉතින් මං තීරණය කළා අපේ කතාවත් ලියලා තියන්න..

මං ප්‍රාර්ථනා කරනවා ඔයා මේක කියවද්දි ඒ දවස උදා වෙලා තියෙන්න කියලා..

මොකද සිත්තමක් උනත් ලස්සන වෙන්නේ කිලිටි නැති පත්තිරුවල ඇන්දම..

______________________________________

ඉතින්...මේ තමයි මගේ කතාව..

නෑ...

මේ තමයි අපේ කතාව..

එක වස්සාන කාලයක,
නිල් පාට වලාකුලු පිරුණු ඉල්සන් අහස යට,
මුලු ලෝකෙටම හොරෙන් ලියවුනු,
අපේ කතාව..

_______________________________

වසර 1987~
ශාන්ත පීටර් මානසික උපස්ථානාගාරය,
ඉල්සන්.


________________________________________

🙂
ඉතින්..
කොහොමද..?

🌙
2022/04/08
Moon_Fayre

Metanoia ♡ | ɴᴀᴍᴊɪɴ | (Onhold)Where stories live. Discover now