මේ කොටස ලියන හැටි විබාගෙ අස්සෙ හිතන්න ගිහින් සෞඛ්යය පේපරේ දෙකට මැදින් වෙන් වෙන්නම ඉරා ගත්තු මාංජමික මන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් තියලා කතාව කියවන්න ගන්න..😭😭
************************************
.
.
.
.
රටාවකට වගේ ගලාගෙන ගිහින් තිබුනු රතු පාට කෙලවරේ තිබුනු කොල පාටත් එක්ක එකතු වෙලා කහ පාට හැදෙන ගමන් තිබුනු තැනට මගෙ ඇහෙන් කදුලු බින්දුවක් වැටිලා අතුරුදහන් වෙලා ගියා...පාට දෙකක් එකතු වෙලා අලුත් පාටක් හැදෙන ගමන් තිබුනත් මගෙ හදවත් ආයෙ හදන්න බැරි වෙයි කියල හිතෙන තරමට දෙකඩ වෙලා ගිහින් තිබුනා..අවුරුදු දෙකකට වඩා පන වගේ පරිස්සම් කරන් හිටිය ඒ වස්තුව අද මාව හැමදාටම තනි කරලා යන්න ගිහින් තිබුනා..ආපහු තිබුනු විදිහට ගන්න බැරි තරමට කලින් තිබුනු පින්සල් ඉරක්වත් හොයා ගන්න බැරි විදිහට ඒක විනාශ වෙලා ගිහින් තිබුනා..තවත් එතන තිබුනෙ මන් මේ තරම් කාලයක් හරි හුස්ම අල්ලන් ඉන්න හේතු උනු කෙනාගෙ කොලේකට විතරක් සීමා උනු හිනාව නෙවේ..ඒක රතු එක්ක කොල පාට එකතු වෙලා කහ පාට හැදෙමින් තිබුනු නිකම්ම නිකම් චිත්රයක් විතරයි ..
තඩ් . ...
ආයෙත් මගෙ ඇහින් ගලන් ගිය කදුලු බින්දුවක් කලින් තැනටම වැටිලා නොපෙනී ගියා..පුලුවන් කමක් තිබ්බ නම් මන් මගෙ කදුලුවලින්ම හෝදලා හරි ඒ තීන්ත ටික අයින් කරලා දානවා..ඒත් වෙලා තිබුනෙ ආය හරිගස්සන්න බැරි විදිහෙ වැරැද්දක්...
දැනිලා තියෙනවද..පනටත් වඩා ආදරය කරපු දෙයක් ආය කවදාවත් දකින්න බැරි විදිහට විනාශ වෙලා තියෙනකොට දැනෙන වේදනාව ...මේ චිත්රේ කොහෙත්ම සාමන්ය දෙයක් නෙවේ..මේක මට මගෙ පනටත් වඩා වටිනවා...මොකද මේ චිත්රෙ දුන්නෙත් මේ චිත්රෙ ඉන්නෙත් අද වෙනකම් මාව ජීවත් කරපු කෙනා..මට හිනා වෙන්න කියලා දීපු කෙනා...හිත කෑ ගහන හැම වෙලාවකදිම ඇතිතරම් අඩන්න කියලා උරහිසක් දීපු කෙනා..බය උනු හැම වෙලාවකදිම ලග උන්නු කෙනා..
...මගෙ යෙන්මි... ඉක්මනටම ගිහින් එන්නම් කියලා මන් දොරකඩ ලගට වෙලා ගේට්ටුව දිහා බලන් ඉද්දි සුදු රෙද්දකට වැහිලා ගෙදර ආපු කෙනා..මගෙ ජීවිතේට ඇවිත් ජීවත් වෙන්න කියලා දීලා එයා නැතුව හුස්ම ගන්න හැටි විතරක් කියලා නොදී එයා යන්නම ගිහින් තිබුනා..
YOU ARE READING
🌹Three Hours🌹( short Story ✔ )
Short Storyමගෙ දෛවය පස්ට මාංජමිකයි අෆ්ෆා.ඒත් මන් සැලෙනවද නෑනෙ නෑනෙ.එල කොල්ලෙක් විදිහට මල්සරාගෙ දුන්නත් මන් නයට ඉල්ලන් ඔය ගමන් ගියේ ඉල්ලගෙන කන්න වෙනව කියල දැන දැන.කවුද හිතුවෙ කෙල්ලෙක්ට මල්සරාගෙන් දුන්නෙන් විදින්න ගිය ඊතලේ කොල්ලෙක්ගෙ පපුවෙ වැදිල පරාවර්තනය වෙලා ම...