10.Chapter 10🌷

228 34 0
                                    

ඔබතුමා ඔය ලෙසින් ආත්මාර්තකාමී ලෙස කටයුතු කිරීම නුසුදුසුයි රජතුමනි.මෙලෙසින් තවදුරටත් ඔබතුමාට අවශ්‍ය ලෙස මුරන්ඩු වෙන්න දෙන්න බැහැ.කරුනාකරලා අද දින අගබිසව හමුවීමට යන්න.

ඔබතුමා ඔය තරමටම මා නිසා නම් මුරන්ඩු වෙන්නෙ මා ගැන සිතන්න එපා.අපේ රාජ්‍යට කුමාරයෙක් අවශ්‍යයි .ඔබතුමා දන්නවා අප දෙදෙනාම කෙදිනක හෝ එක් වුනත් මට කිසිදා ඒ යුතුකම සම්පූර්ණ කරන්න නොහැකියි.එය දැන දැනම මෙලෙස කටයුතු කරන්න එපා රජතුමනි.

මට නොහැහියි ජන්කුකා ..මට නොහැකියි ...ඔබ කෙලෙසද මේ තරමට පරාර්ථකාමී වන්නේ.ඔබ කෙලෙසින්ද මේලෙස   සිත දැඩි කරගෙන මට අගබිසව සමග සයනයට යන්න කියන්නේ.

ඔබතුමා යන්නේ වැරද්දක් කරන්න නොවේ කියලා මා දන්නවා.මෙය කරන්නෙ අපේ රාජ්‍යේ අනාගතය වෙනුවෙන්.ඉතින් මා බය වන්නේ කුමකටද?.මගේ රාජ්‍යට මා ණයයිඋපදින විටමා.ඒ ණය ගෙවා දැමීමට මා හට මෙය හොද අවස්තාවක්. ඉතින් මා කුමකටද සිත රිදවා ගන්නේ.

ජන්කුක් කුමක් කෙලෙස පැවසුවත් මේ අවස්ථාවේ ඔහුගේ හිත යට කිසිවකුටත් නොපෙනෙන ගිනි කදු රාශියක් පුපුරමුන් ඇතත් ඔහු රජුගේ ඩ්ගෑස් දෙස එක එල්ලේම බලා රජුට පිළිතුරු ලබා දුන්නේ රජුගේ සිත කෙලෙසක හෝ වෙනස් වේවි යයි සිතමින්.

නමුත් ටේහියුන් අදිරජු හට ජන්කුක්ගේ දෑස් තුලින් කියවීම අපහසු කාරියක් නොවේ.ජන්කුක් කුමක් පැවසුවත් ඔහොගේ සිත මේ අවස්ථාවේ කොපමණ කැළබී ඇත්දැයි රජු හොදින්ම දනී.එම නිසාම ජන්කුක් කුමක්.පැවසුවත් එතුමාගේ තීරනය මත එක එල්ලේ සිටීමට ටේහියුන් රජු වග බලා ගත්තේය.






























ඔබතුමා අද මෙය සිදු නොකලොත් මා නැවත් කිසිදාක දැක ගැනීමටවත් ඔබතුමාට නොහැකි වේවි.ඔබතුමා ඔබතුමාට අවශ්‍ය දෙයක් සිදු කරන්න.

ජන්කුක් තම අවසන් තුරුම්පුව දමා රජුව කොටු කර එක මොහොතක් වත් එම ස්ථානය තුල නොරැදී ගොයේ තව ටික වේලාවක් එම ස්ථනය තුල රැදුනහොත් ඔහුගේ දෑස් තුල දැනටමත් නලියමින් තිබූ කදුලු බිදු කඩා වැටෙන බව දන්නා නිසා.

₦ɆVɆⱤ Ɇ₦Đł₦₲ ⱠØVɆ 🚫 [₮Ɇ₳₭ØØ₭]✔️✔️Where stories live. Discover now