Taehyung's pov.
අදත් මම උදේම නැඟිට්ටෙ මගේ ඇඟේ තිබ්බ බර ගතිය නිසා.නිකම් මගේ ඇඟේ බර වැඩිවෙලා වගේ.අපි ඩිස්බෑන්ඩ් උනාට පස්සෙ එක එක්කෙනා ඉතින් එක එක වැඩ.ඒත් මම නම් තාම ලොකුවට මොකුත් පටන් ගත්තෙ නෑ.වැඩ කල්දාන එක මගේ පුරුද්දක් වෙලා.කමක් නෑ මම අද ඉදන් වැඩ පටන් ගන්නවා.එයිට කලින් මම ගිහින් පොඩ්ඩ ඇඟ පත සැහැල්ලු කරගෙන ආවනම් හරි.
End of taehyung's pov.
එහෙම හිතපු ටේහ්‍යුන් වතුර බෝතලයකුත් අතට අරගෙන හූඩියෙන් ඔලුවත් වහන් මාස්ක් එකක් දාගෙන පාර්ක් එක පැත්තට දුවගෙන ගියා.පැයක් දෙකක් විතර දිව්වට පස්සෙ මහන්සියට ගහක් ලඟ ඉදගත්තා.
ටික වෙලාවක් මහන්සිය ඇරල ටේහ්‍යුන් නැඟිට්ටෙ යන්න.ඒත් දුරින් දැක්ක කිසියම් දෙයක් නිසා ටේහ්‍යුන් ඒ දිහා නොඉවසිල්ලෙන් බලන් හිටියා.Taehyung's pov:
මොහ්..මේ අර එදා හම්බෙලා මටත් බැනල ගියපු ඒ කෙල්ල නේද? ඒ කෙල්ල අදත් ඇවිල්ලා.හහ්..අද ඇවිල්ල ඇත්තෙත් මාව බලන්න වෙන්න ඇති .බලන විදිහෙන්ම තේරෙනවා එයා මොකටද ඇවිල්ල තියෙන්නෙ කියල.
ආහ්..අන්න ඒ පාර තනියම කියව කියව යනවා..පිස්සු කෙල්ලෙක්ද කොහෙද.
ඒත් අර අර කව්ද එයාගෙ පස්සෙන් යන්නෙ.
ඒ කෙල්ලටත් කිසිම සිහියක් නෑවගේ යන්නෙ..ඔව් ඉතින් කෙල්ලො පාරෙ බැස්සම කොහොමත් සිහිය විකල් වෙලා වගේනෙ යන්නෙ.
ආයිශ්..හැරුනා නේද පාරකින්.ඒත් ඇයි එයා බයවෙලා වගේ..හහ් ඉතින් මට මොකද මම කවුද එයාගෙ ඔයාටත් වෙන වැඩනැද්ද ටේහ්‍යුන් කෙහෙවත් යන කෙල්ලො ප්ස්සෙ යන්න.මෙන්න මෙහෙ පාඩුවෙ ආපු වැඩේ කරගෙන යන්නෙ නැතුව.End of taehyung's pov.
ටේහ්‍යුන් ඈත් තියා දැක්කෙ යෝරිව .දැක්ක ගමනුත් අදුර ගත්තා.අමතක වෙන්න තරම් ලොකු හේතුවක් නැති නිසා.ටිකින් ටික යෝරි ප්ස්සෙන් එන කෙනා දිහා ටේහ්‍යුන් බලන් හිටියත් යෝරි යන දිහා බලන් හිටියත් තමන්ගෙ හිත එක්කම වාද කරපු ටේහ්‍යුන් ආපහු හැරිල යන්න ගියේ හදවත හා මොලය අතර කරපු වාදයෙන් මොලය ජයග්‍රහණය කරපු නිසා.
" තමුසෙ කව්ද? ඇයි මම දිහා ඔහොම බලන් ඉන්නේ.."
පාලුවට ගියපු මිනිස් පුලුටක් වත් ඒ වෙලාවෙ නැති ඒ පාරෙ යෝරි පිටිපස්සෙන් පිටිපස්සට ගියේ තමන් දිහා කාමුක ආශාවෙන් බලන් ඉන්න ඒ දරුනු මිනිහගෙන් බේරෙන්නයි.
YOU ARE READING
My precious number 13 [ completed]
Lãng mạnහැමෝම හීන දකින්නෙ සුන්දර අතීත මතක තුලින් අනාගතය බොහොම ලස්සනට ගොඩ නගාගන්න.හැමෝටම ඒක කරන්න බෑ. කෙනෙට තවත් කෙනෙක් වෙනුවෙන් නොසෑහෙන්න බලන් ඉන්න පුලුවන්ද ඒක ආදරයක්ද නැත්නම් ඉවසීමක්ද? ඔව් මේ අවසානයක් සොයා පියමනින ඔවුන්ගේ ආදර කතාවයි.එය ආදරයක්ම වේවිද?