අගබිසව ඇයගේ දෑස් තෙත් ව ගිය කදුලු වලින් යුක්තවම ජන්කුක්ගේ කුටියට පැමිණියා.
ජන්....
ඇය වෙවුලන කටහඩකින් යුක්තව ජන්කුක්ව ඇමතුවේ තවස් ඇයට මේ සිදුවීම් දරාගැනීමට කිසිදු ශක්තියක් නොමැති නිසා.
බිසවුනි...ඔබතුමිය කුමක්ටද මේ වේලාවේ මගේ කුටියේ සිදු කරන්නේ.ඔබතිමිය සිටිය යුතු දැන් ඔබතුමියගේ කුටොය තුලයි.මා හට ආරංචි වූ අයුරින් නම් තව ස්වල්ප වෙලාවකින් රජු ඔබතුමියගේ කුටියට සැපත් වීමට නියමිතයි.
ජන්කුක්ගේ සිත මෙම අවස්ථාව වන විටත් ගිනි ජාලාවක් වී අවසන්.රජු බිසව සමග අද රාත්‍රිය ගෙවීමට කැමැත්ත පල කර පුවත් සමග ජන්කුක්ගේ සිත ගිනි ගොඩකටම ඇද වැටුනා.කොතරම් ශක්තියමත් ලෙස රජු ඉදිරියේ පෙර හැසිරුනද එම පුවත් ඇසූ සැනින් ඔහු මිය ගිය අයෙකු මෙන් පසු වූවා.
නමුත් දැන්ඒ සිදු වීමට යන දෙය ජන්කුක් ට තවමත් තේරුම් ගැනීමට නොහැකියි.
ජන් ..ම...ට..මට අවශ්‍ය නැහැ රජු සමග අද රාත්‍රිය ගත කිරීමට.මා එතුමාට සෙනෙහස දක්වන්නේ නැහැ.ඒ වගේම එතුමා සෙනෙහස දක්වන්නේද මට නොවෙයි.
ඔබතුමිය මේ කුමක්ද පවසන්නේ බිසවුනි.ඔබතුමිය කාහටද ආදරය කරන්නේ.
මා...මා...ආදරේ කරන්නේ ඔබටයි .මා ඔබට මාගේ කුඩා කල සිටමයි ආදරය කරන්නේ.නමුත් ඔබ මා දමා යන්න ගියා.නැවත මට ඔබව මාලිගයේදි මුන ගැසුනත් මට ඔබට මෙය පැවසීමට නොහැකි වුනා.
තවත් මට මෙය සිදු කරන්න බැහැ..ඔබ මට ආදරේ කරනවද ජන්.මට පවසන්න.
ජන්කුක්ට අගබිසව පැවසූ දේ ඇසුනේ සිහිනයකින් මෙනි.ඔහු තවමත් පියවි සිහියට පැමින නැත .මේ සිදු වන දේවල් පිලිබද සිතන විටත් ඔහුගේ සිත තුල උපදින්නේ බයක්ම පමනි.ඔහුයි අගබිසව පැවසූ ඒ රජුගේ ආදරවන්තයා.එලෙසම දැන් අගබිසවද ඔහුගේ සෙනෙහස පතනවා.නමුත් මේ වන විටත් ඔහුගේ සෙන්ව්හස සම්පූර්ණයෙන් ම ඔහු රජුට දී හමාරයි.
--------------------------
පාලකතුමා තව කොපමණ වේලාවක් ඉතුරව තිබෙනවාද?.
YOU ARE READING
₦ɆVɆⱤ Ɇ₦Đł₦₲ ⱠØVɆ 🚫 [₮Ɇ₳₭ØØ₭]✔️✔️
Ficción históricaගොර්යෝ අදිරාජ්යේ අවසන් පාලකයා කිම් ටේහියුන් . ඔහු ඉතා තරුණ වියේ රාජ්‍යයේ පාලකයා බවට පත් වූ අතර මාලිගයේ ප්‍රධාන වයලින් වාදන ශිල්පියා හට අසීමිත ලෙස පෙම් බදී.🔞🌷🌷 නමුත් එම ප්‍රේමය ම අවසානයේ සියලු දෙනාගෙ විනාශයට හේතු වූ අතර රජු උන්මත්තකයෙකු බවට පත...