වැටහීම💜️(chapter 16)

60 18 16
                                    

තමන්ගෙ මුලු ආත්මයම බයකින් වගේම අප්පිරියාවකින් ගැහිල යනකොට යෝරි හිටියෙ සිහියත් අඩ සිහියත් අතර ,තමන්ව විනාස කරන්න ආපු ඒ මිනිහා තව කෙනෙක්ගෙන් ගුටිකාල පලා යනකොට හැඟීම් විරහිතව ඒ දිහා බලා ඉන්නවා ඇර යෝරිට කරන්න දෙයක් තිබ්බෙ නෑ.
ඒත් එක්කම යෝරි ගාවට හෙමින් හෙමින් ලන් වෙන හෙවනැල්ලක් වගේ දෙයක් යෝරි යෝරිගෙ ඇස් වලින් දැක්කා.
ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එලියත් බයයි කියනවලුනේ,තමන්ට ලන් වෙන ඒ නන්නාදුනන හෙවනැල්ල දිහාවට ගැහෙන ඇස් වලින් බලන් හිටපු යෝරි තමන්ගෙ පපුවත් අල්ලගෙන බිම බලාගෙන පිටිපස්සෙන් පිටිපස්ස්ට ගියා.

" මේ අහන්න දැන් ඔයා ආරක්ෂිතයි.බය වෙන්න එපා .මම ඔයාට කරදරයක් කරන්නෙ නෑ කලබල වෙන්න එපා."

ගැඹුරු එහෙත් ආදරය පිරුන කටහඬකින් කියනවා යෝරිට ඇහුනා.ඒ කටහඬ යෝරිට ගෙනාවෙ හුරු පුරුදු ඒ වගේම විශ්වාස වන්ත බවක්.ඒ නිසාම බිමට හරවන් හිටපු මූන උස්සපු යෝරි ඇස් අඟ රැදිල තිබ්බ කදුලු බින්දු පිටිඅල්ලෙන් පිහිදාන් ගමන් එතන හිටපු කෙනාට

" කුමාවෝයෝ...අද ඔයා හිටියෙ නැත්නම් මට මොනා වෙයිද දන්නෙ නෑ.කොහොම ස්තූති කරන්නද මම මට වචන නෑ"

යෝරි ඔලුව ඉස්සුවා ඔලුව උස්සල බැලුවා .
යෝරි දැක්ක දෙය නැවත තහවුරු කරගන්න වගේ තමන්ගෙ ඇස් කසන ගමන්ම.

" මියන්හේ මට හැමතැනම එයාව පේනවා.."

ටේහ්‍යුන් හිනා උනා

" මම හිතන්නෙ නෑ"

එහෙම කියපු ටේහ්‍යුන් යෝරිට නැඟිටින්න අත දුන්නා.යෝරි දැක්කෙ එයා මේ ජීවිතයෙ දකින්න කැමතිම රූපය අහන් ඉන්න කැමතිම කටහඬ තියන එයාගෙ ලොකුම සතුට උන ,මෙච්චර කාලයක් දුරින් ඉදලම බලපු ඒ රූපය යෝරිදිහා කරුනාබර ඇස් වලින් බලන් ඉන්නවා.
යෝරිට අත දික් කරන් හිටියත් අත දුන්නෙ නැති නිසා යෝරි ලඟට නැවුන ටේහ්‍යුන් යෝරිගෙ අතින් අල්ලලා නඟිට්ටුවා.

" කව්ද හිතුවෙ ලඟදි දවසක මටත් බැනල මගේ ඇඟේත් හැප්පිලා මට බෙහෙත් ගන්න කියල කොලයක් වීසි කරල ගියපු කෙනාව අද මෙහෙම මට ම බේරගන්න වෙයි කියල."

My precious number 13 [ completed]Where stories live. Discover now