🌙

240 46 17
                                    

"Park Ji Min! තමුන් හිතන් ඉන්නේ කන් ඇහෙන්නේ නෑ වගේ හිටියම මම කට වහගයි කියලද ආහ්! මෙව්වා එහෙම ලේසියෙන් වැහෙන කටවල් නෙවෙයි හරිතේ.. උත්තර දෙනවා....!! හැලප නාම්බා! මම තමුන්ට විරුද්ධව නඬු දානවා වායු දූෂණය කරා කියලා! දැනගන්නවා... කන් ඇහෙන්නැද්ද ඕයි!"

"මටත් පුලුවන් නඬු දාන්න ඔයා ශබ්ද දූෂණය කරා කියලා ඕන නම්..."

"මම කොයි වෙලේද මිනිහෝ ශබ්ද දූෂණය කරේ!?"

"ඔයා මෙච්චර වෙලා ඒක තමයි කරේ! මම මේ අහන්නමයි හිටියේ Jungmi.. සැරින් සැරේට වෙස් පෙරලෙන්නේ කටුස්සියක්ද?"

"ඔයත් හැම වලේම වායු දූෂණය කරන එකනේ කරන්නේ!"

"Yah Jungmi! ඔය බෙලෙක වහගන්නවකෝ! Jimin කියන්නේ hyung කෙනෙක්!"

බලන් ඉදලා ඉදලා බැරිම තැන Jungkook කෑ ගැහුවේ light ගියපු වෙලේ ඉදන්ම Jungmiගේ වැඩේ Jimin එක්ක වලි අල්ලන එක නිසා..

"ඔයා තමා ඔප්පා මේවට වග කියන්න ඕන! මාවත් කුදලන් ආවා මෙතන Haeji ලත් ඉන්නවා යමූ.. කියලා! අන්තිමට මෙතන ලයිටුත් නෑ කිසි ජොලියකුත් නෑ! ඒ මදිවට මෙතන මේ සොම්බියා වායු දූෂණය කරනවා! මට ඉන්න බෑහ්! එක්ක පලයව්ව්! තමුන් මගෙ ඔප්පා හැටියට මේක නවත්තන්න ඕන! මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්! යාහ් කොහෙද යන්නේ!"

Jungmi ගේ කියවිල්ල අහන් ඉන්න බැරිම තැන Jungkook උඩට ගියේ හිටපු හැමෝම Jungmi ගේ කට නිසාම එතනින් ලෙප්ට් නිසා එයාලව හොයන්..

"What a rap නේ... Jin hyung left!"

Hobi ත් Yunmi වත් ඇදන් ගියේ මෙතන ඉදලා කන් දෙක- ආ නෑ හතර ලෙප්ට් කරගන්න ඕන නැති නිසා..

"ඔයානෙ මෙතන මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ කටුස්සි"

"ඔය දෙන්නගේ ඔය මානව හිමිකමුයි පරිසර දූෂණයි නවත්තනවකෝ! මෙතන නිකන් Civics lesson එකක් වගේ! මොන මගුලක්ද මන්දන්නෑ!"

මෙච්චර වෙලා වලිය රස විඳිමින් හිටපු ටේත් Hobi ගේ පස්සෙන් ගියේ lovely couple එකකට කිසි වෙලාවක තනි කරන්න එපා කියලා author ඒ කාලෙම උගන්නලා තිබ්බ නිසා..

"Tae යනවකො වෙන කොහෙට හරි! කූඩැල්ලා වගේ එල්ලි එල්ලි එන්නේ!"

"තනිකඩ අපි කොහෙ යන්නද හොබී hyung.."

Moonlight || PJM || ✅Where stories live. Discover now