01.

472 25 10
                                    

අද තමයි beautiful goodbye වල anniversary එක... මම ඇත්තටම ආස පද ඒ... මට හැමදාම ඕනේ වුනේ මගෙ talent එකෙන් මගෙ ජිවිතේ ලස්සන කර ගන්න... එත් මට දුකක් නැත්තේ මත් නෑ. Idol කෙනෙක් වෙලා fans ලා එක්ක ඉන්න මම ගොඩාක් ආස වුනත් මම මගෙ ජිවිතේ විදින්නයි ආස කරේ...

"ජොන්ග් ඩේ... මේ බලන්න fb, instra, tweeter ඔක්කොගෙම තියෙන්නෙ ඔයාගෙ සිංදුව ගැන..." military එකෙ මම හිටිය කාලෙට මේ අය මාව නිතරම සැනසුවා. මම නොදන්නවා නෙවේ මගෙ පවුලට මිනිස්සු කිව්ව කතා. එත් මෙයාලා එවා හැංගුවා.
"එක එච්චර ලස්සනද?"
"ඔයා දන්නවා ඔයාගෙ කට හඩට ගහන්න තාම කටහඩක් නෑ කියලා..."
"ආ වේ....." පුරුදු විදියටම හිනාවෙන්න විදියක් මගෙ වටේ ඉන්න අය මට හදලා දෙනවා.

"ජොන්ග් ඩේ ඔයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා..." බෑග් එකෙ තිබ්බ ෆෝන් එක අතට අරන් බලද්දී වෙනදා වගෙම ඉතින් සේහුන්...

"ඕහ්... සේහුනා..."
"හියුන්... කොහොමද ඉතින්"
"මම හොදින්... ඔයාට සෙර්ජරි එකක් කිව්වා නේද? දැන් මොකද  එක..."
"එක කරන්න හදන්නෙ හියුන්... මට ඔයාව ගොඩාක් මතක් වුනා... ඔයා දන්නවද ඔයා නැතුව අපිට හරි පාලුයි..."
"යා යා... පාලුයිද නැත්තම් පාර්ටි එකක් දාන්න සල්ලී ඕනේද?"

"හියුන්.. මාත් ඉන්නවා... හියුන්..." කායි ගෙ හඩ ඇහෙද්දී මම දැනගත්තා අද ඔක්කොම ඉන්නෙ එකට කියලා...
"කායි යා... ඔක්කොම ඔයාලා එක්කද?"
"ඔව් හියුන් ඔයා දන්නවා අපි ගැන..."
"නැතුව... මගෙ මල්ලිලා නැතුව මම ඉන්නෙ පාලුවෙන්, දුකෙන්..."

"ආ වේ.... මල්ලිලා විතරද?"
"සුහෝ හියුන්... ඔයා විහිලුවට ඒක ගත්තට එකට හිනා යන්නෙ නෑ.."
"ආ වේඒඒඑ...."
"සුහෝයා කෝ දෙන්න..."
"සියුමින් හියුන්... ඔයා හොදින්ද?"
"හේයි මම හොදින් ඔයා දන්නවද ඔයා වේලාවට නිදාගන්න ඕනේ, වෙන ඒවා කල්පනා කරලා කෑම නොකා ඉන්න බෑ..."
"ඕ හියුන්... මොකක්ද අනේ... ඔයා ලෙක්චර් දෙන්නද ෆෝන් එක ගත්තේ..."
"අපි ඔයා ගැන වද වෙනවා ඩේයා..."
"මම දන්නවා හියුන්...කෝ කියුන්සූ යා..."
"එයා උයනවා. හරිම බඩගිනි අපිට..."
"ඉතින් තනියමද? උදව් වෙන්න කවුරුත් නැද්ද?"
"චෙන් හියුන්.. මම හොදින්... චිකන් කෑල්ලක් ඕනේද?"
"ඕහෝ... මට මතක් වෙනවා කියුන්සූ යා ඔයාගෙ කෑම.."
"අපි ආවාම ලොකු පාර්ටි එකක් දාමු..."
"හරි... සුහෝ හියුන් ලේ හියුන් මුකුත් කිව්වේ නැද්ද? ලගදි මට කතා කරේ නෑ... වැඩ ඇති.." විනාඩි ගානක් සද්දයක් තිබ්බෙ නෑ... කට්ටියම කතා නැතුව හිටියෙ ඇයි කියලා හිතාගන්න බැරි වුනා.

You are my world💙👑( Complete)Where stories live. Discover now