🛫ACCIDENTAL FATE🛬
සියළුම මගීන්ට සුබ සන්ධ්‍යාවක්. මෙය දකුණු කොරියාවේ දියෝගු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගමන් ගන්නා 58B ගුවන් යානය සඳහා ගොඩවීමේ පූර්ව නිවේදනයයි. අපි දැන් කුඩා දරුවන් සිටින මගීන්ට සහ විශේෂ සහාය අවශ්‍ය ඕනෑම මගියෙකුට මේ අවස්ථාවේදී ගොඩවීම ආරම්භ කරන ලෙස ආරාධනා කරන්නෙමු. කරුණාකර ඔබේ ගමන් බලපත්‍රය සහ හැඳුනුම්පත සූදානම් කර ගන්න. ආසන්න වශයෙන් මිනිත්තු 45කින් යානය ගුවන්ගත වීමට නියමිතයි. ඔබට ස්තුතියි.
එම නිවේදනයත් සමඟ ගුවන් යානයට ගොඩවීමට පැමිණෙන මඟීන්ට සහය දක්වන්න මම සිටි තැනින් අඩි කිහිපයක් ඉදිරියට පැමිණියා. ගුවන් ගමන සඳහා අපි වේලාසනම ගුවන් යානය වෙත පැමිණියේ අද දින මෙම ගුවන් යානයේ ගමන් ගන්නා ගුවන් සේවිකා කණ්ඩායම අප වූ බැවින්.
"බලන්න දියා ඔයානම්.. අද නේම් ටැග් එකත් දාල ඇවිත්. කෝ මේක දා ගන්න."
වෙනදට ක්වාටස් එකේ ඉඳලා ආවත් අද ගෙදර ඉඳලා එයාපෝට් එකට ආව හින්දා මට ටිකක් පරක්කු වුණා. ඒත් ඉතිං මගේ ප්‍රාණ සම මිතුරි නුමාරා ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ.
"හපූ ඒක දා ගත්ත කැත. කෝ මෙහෙ එනවා. මෙන්න මෙහෙම ලස්සනට ඕක බෙල්ලට දාලා නම ගානට පේන්න මේ හරියට වෙන්න හදා ගනින්. ඔන්න බලන්න දැන් ලස්සන. S.A.D.A Siriwardhana
Sri Lankan...""ඔය දෙන්න අද රාජකාරි කරන් නැද්ද ඔතනත් හැඩ වෙන්නෙ?"
නුමා මගේ නේම් කාඩ් එක හදන්න ගිහින් සීනියර් කෙනෙක්ගෙන් බැනුම් ඇහුවා. හොද වැඩේ මෝඩිට බොරුවට කියවනවට. නුමාගෙ පැත්තට හැරිලා මං ශේප් එකේ කට ඇද කළා.
අනේ මේ දියා මට ඔරවන්න එන්න එපා හරිද? මං නැත්තම් අද මෙයා ඉවරයි.
මඟීන් හිමින් පඬිපෙළ දිගේ ගුවන් යානයට ගොඬවෙන දිහා මං උනන්දුවෙන් බලන් හිටියා. උදව්වක් අවශ්‍යවෙන ඕනෑම වෙලාවක උදව් කරන එක අපේ රාජකාරිය. ඒක කොහොම උනත් මේ නුමාගෙ කට නම් වැහෙන් නෑ. මේ තරම් වැඩ අස්සෙත් මේකි කියෝන එකමයි වැඩේ.
දියා උඹට නම දැම්මෙ කවුද?
දිනායා අරුණි සිරිවර්ධන. ඒක හරි ලස්සන නමක් බන්.
YOU ARE READING
Accidental Fate
FanfictionTae වෙනුවෙන් ලියපු oneshot එකක්. ලංකාවේ ගුවන් සේවිකාවක් හම්බෙනවා ටේට. පුංචි ආදර කතාවක්. කියවලම බලන්න ඔන්න.