Jungkook's POV
ටික වෙලාවක් ඇවිද ඇවිද කණ්ණාඩියෙන් පේන මගේ ප්‍රතිභිම්බය දිහා බලන් හිටපු මම අන්තිමට දොර ඇරෙන සද්දය්ක් එක්ක ගැස්සිලා පිටිපස්ස බැලුවම මම දැක්කා කිම් ටේයුන් ස්ටූඩියෝ එක ඇතුලට එනවා. මම පිටිපස්ස හැරිලා එයාගේ දිහා බැලුවම් කිම් ටේයුන් මගේ ලගට ඇවිත් මගේ මූණෙ උඩ ඉදන් කකුල් වෙනකන් රවාගෙන බැලුවම මාව වෙව්ලලා ගියේ එයාගේ මූණේ තිබ්බේ හොද පෙනුමක් නෙවෙයි හන්දා.
"ඇ-ඇයි ඔයා ඔහොම බලන්නේ?"
"ඔහොමද ප්‍රැක්ටිස් කරන්න ඉන්නේ?"
ආයෙ මත් කිම් කණු ටේයුන් මගේ මූණේ උඩ ඉදන් කකුල් වෙනකන් බලනකොට මම එයා දිහා බැලුවේ එයා කියන දේ තේරුම් ගන්න බැරි හන්දා. එයාගේ බලන විදිහ අමුතු නිසා මම ආයේ මගේ ඇදුමේ අවුලක්ද කියලා බලන්න මගේ ඇදුම දිහා බැලුවත් මට කිසිම වැරැද්දක් හොයාගන්න බැරි උනා.
"ඇ-ඇයි මොකක්ද ප්‍රශ්නය?"
"මම ඇහුවේ ඔහොමද ප්‍රැක්ටිස් කරන්නේ කියලා?"
"න්-නෑ. ප්‍රැක්ටිස් සූට් එකෙන්."
"එහෙනම් මෙච්චර වෙලා ඒක ඇදගන්නේ නැතුව මොනවද කරේ? මම තමුන්ට එක පාරක් කිව්වා මම බලන් ඉන්න කැමති නෑ කියලා."
"හ-හරි ඉතින්. මම වෙ-වෙලාවට ආවනේ.".
"වෙලාවට ආවට වෙලාවට වැඩ පටන් ගන්න තමුන් ලෑස්ති වෙලා නෑනේ."
කිම් කණු ටේයුන් මගේ අතින් අල්ලගෙන අනිත් අතින් මගේ බෑග් එකත් අරන් කොහෙටද මන්දා ඇදගෙන යනකොට මම එයාගේ අත ගසා දාන්න හැදුවේ එයා මාව ස්ටූඩියෝ එකේ එලියට දාන්න යනවා කියලා හිතාගෙන.
"අත අරින්න ම්-මාව. මම මාස්ටර් හෝසෝක්ට කිය-"
"මේක චේන්ජින් රූම් එක. විනාඩි දෙකෙන් චේන්ජ් කරගෙන එනවා. "
දොරක් ඇරලා මාව ඒක ඇතුලට තල්ලු කරාම කිම් කණු ටේයුන් මගේ බෑග් එක විසී කරන්න හදනකොට මම මගේ බෑග් එක එයාගේ අතින් උදුරගෙන එයාගේ මූණටම දොර හයියෙන් වැහුනා. චේන්ජින් රූම් එකේ ඉදන් එයාට ඇහෙන්නම බැන බැන ප්‍රැක්ටිස් සූට් එකට මාරු වෙනකොට මම මොනවා උනත් තිබ්බ බයට වෙලාවත් විනාඩි දෙකකට වඩා යනවද කියලා බැලුවා.
ESTÁS LEYENDO
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fanficකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...