Jungkook's POV
දින සති ගෙවිලා ගිහින් අන්තිමට මියුසික් ෆෙස්ටිවල් එක දවස ආවා. ප්රැක්ටිස් කරලා කරලා එපා උන මම අද දවසින් මේක ඉවරයි නේද කියලා හිතෙන් සතුටු උනත් ගොඩක් අය ඉස්සරහා පර්ෆෝම් කරන එක ගැන පොඩ්ඩක් බය වෙලා වගේ හිටියා. ගෙදරින් එලියට යන්න කලින් අප්පාට කතා කරන්න ඕනේ හන්දා මම අප්පාගේ රුම් එක ඉස්සරහා ඉදන් දොරට තට්ටු කරා."කමින්."
මම අප්පාගේ රූම් එකට ගිහින් අප්පාට ආචාර කරාට පස්සේ අප්පා එයාගේ කන්නාඩි ගලවලා දාලා මගේ දිහා බැලුවා. මගේ ඇස් කෙලින්ම ගියේ අප්පාගේ අතේ තිබ්බ ඩිවෝර්ස් ඩොක්යුම්න්ට්ස් වලට උනත් මගේ හිත කලින් වගේ ඒකෙන් දුක හිතුනේ නෑ. ජිනී හ්යුන්ග් කිව්වා වගේ එයාලගේ සැනසීම එයාලට දීලා ඉන්න මම දැනටම තීරණය කරලා ඉවර උනා.
"අප්පා කිව්වා මියුසික් ෆෙස්ටිවල් එක දවසට කියන්න කියලා."
"ඒක අදද?"
"ඔව්."
"මම මගේ ශෙඩ්යුල් එක වෙනස් කරගෙන එන්න බලන්නම්. ඔයාගේ පෆෝමන්ස් තියෙන්නේ කීයට වගේද? "
"හවස හතරයි හතරයි තිහයි අතරේ."
''මම එනන්නම් කුක්. ඔම්මාට කිව්වද?"
"ඔව්."
"හරි එහෙනම්.මම හවසට එන්නම්. ඔයා දැන් යන්න. "
අප්පාට ආචාර කරලා මම එලියට ඇවිත් මගේ බඩු ඔක්කොම හරි නේද කියලා බලාගෙන බෑග් ඔක්කොම අරගෙන එලියට ආවා. ටැක්සි එකක යනවා කියලා හිත හිත ගේට් එක අරිනකොට ඔම්මා මට කතා කරපු හන්දා මම රිමෝට් එක දාලා ඔම්මා දිහා බැලුවා.
''මම අද ඔයාව කොලේජ් එක ලගින් දාගෙන යන්නම්."
මම මොකුත් කියන්නේ නැතුව ඔම්මාගේ කාර් එකට ගිහින් නැග්ගා. ඔම්මා ඩ්රයිවින් ශීට් එකට නැග්ගට පස්සේ මම ශීට් බෙල්ට් එක දාගෙන ඉස්සරහා බලාගත්තේ ඔම්මා එක්ක මෙහෙම කාර් එකේ වාඩි වෙලා යන එකත් මට අමුතු අත්දැකීමක් උන හන්දා.කොලේජ් එකට එනකන් ඔම්මා කිසිම වචනයක් කතා කරන්නේ නැතුව හිටියත් අන්තිමට කොලේජ් එක ලගට ආවට පස්සේ ඔම්මා මාත් එක්ක කතා කරා.
ESTÁS LEYENDO
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Fanficකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...