Jungkook's POV
මියුසික් ෆෙස්ටිවල් එක ඉවර වෙලා දවස් ගාණක් ගියත් හැමෝම මගෙයි ටේයුන්ගෙයි පර්ෆෝමන්ස් එක ගැන ගොඩක් පාරක් කතා උනා. ඒ කතා වලට හොරෙන් ඇහුම්කන් දුන්නට පස්සේ මම තේරුම් ගත්ත එකම දේ කොලේජ් චාන්ස්ලර් ගේ රිලේශන්ශිප් වලට එච්චට කැමති නෑ කියන එක විතරයි. ඒ වගේ කතාවකට ඇහුම්කන් දෙන ගමන් මම ස්ටේඩියම් එක පැත්තට ගියේ මියුසික් ෆෙස්ටිවල් ඉවර උනාට ඊලගට ස්විමින් ප්‍රැක්ටිස් පටන් ගන්න තිබ්බ හන්දා.
මට උදේට ඔම්මාගෙන් කෑම ඉල්ලන්න බෑ කිව්ව දවසේ ඉදන් ජින් හ්‍යුන්ග් මට ඩයට් එකට ඕනේ කෑම හදලා දුන්නා. මම කොච්චර එපා කියලා කිව්වත් එයා හැමදාම මට ඕනේ කෑම ටික හදාගෙන ස්ටේඩියම් එකට වෙලා මම එනකන් බලන් හිටියා. ජින් හ්‍යුන්ග් මගේ හැමදේම වෙනකොට මම ජින් හ්‍යුන්ගෙන් ආයේමත් වතාවක් කවුද එයාට ගැහුවේ කියලා අහන්ම හැදුවත් ජින් හ්‍යුන්ග් ඊලග දවසේ කෑම එක එයා අරන් එන්නේ නැතුව එයාගේ යාලුවෙක් අතේ එවලා තිබ්බම මම තේරුම් ගත්තා එයා මගේ ඒ ප්‍රශ්නෙට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඒ හන්දා මම ඒ ප්‍රශ්නේ ආයේ අහන්නේ නැතුව ඉන්නවා කියලා හිතා ගත්තත් එ ප්‍රශ්නේ මගේ හිතෙන් අයින් උනේ නෑ.
කිම් ටේයුන්ට මගේ වැරදි ගැන වචනයක් කියන්න බැරිවෙන්න මම ඊට පස්සේ වෙලාවට වැඩ කරා. ප්‍රැක්ටිස් වලදි මම හැමෝටම වඩා ඉස්සරහින් හිටපු හන්දා කාටවත් මට වැරැද්දක් කියන්න බැරි නිසා කිම් ටේයුන්ගෙන් බැනුම් අහන්නේ නැතුව මට ඊලග වැඩ ටික කරගන්න පුලුවන් උනා. ඒත් කිම් ටේයුන් ඉස්සරට වඩා නපුරු මූණකින් මගේ දිහා බලනකොට මම පුලුවන් තරම් එයාව මග ඇරලා ඉන්න හැදුවත් ස්විමින් කෝච් මට එක්ස්ට්‍රා ප්‍රැක්ටිස් කරන්නත් කිම් ටේයුන්වම පෙයා කරලා දුන්නා.
හොදම දේ උනේ කාලයක් යනවත් එක්කම ජිමින් මාව දැක්කත් නොදැක්ක ගාණට ගිය එක. මුල් දවස් වල වගේ ජින් හ්‍යුන්ග් මගේ කවුද කියන එකවත් අහන්න ජිමින් මගේ පස්සෙන් එනේ නැතිවෙනකොට මට කොලේජ් එක ඇතුලේ ලොකු නිදහසක් හම්බුනා. ඉස්සර වගේ පාරවල්.අමතක නොවුනත් මම පුලුවන් හැම වෙලේම ජින් හ්‍යුන්ග් එක්ක ගත කරන එක නතර කරේ නෑ.
ВЫ ЧИТАЕТЕ
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Фанфикකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...