chapter 04🌿❤

2K 406 48
                                    

විඩාබර දවසක් අවසානයේ මම පුංචාටත් කෝල් එකක් අරගෙන මම හොදින් කියල දැනුම් දීලා ඇදට වැටුනා.... මහන්සී.....අද දවසෙම කළේ මට ඕනි විදියට හොස්පිටල් හෝල් එක හදාගත්ත එක..... ඒ හෝල් එක මම හිතපු තරම් අව්ල් නෑ..... ඇදන් විස්සක් තියපු එක වාට්ටුවකුයි ස්පෙෂල් බෙඩ් රූම්ස් දෙකකුයි තිබ්බා....... බෙඩ් රූම්ස් උනාට ඒකේ අඩුම තරමෙ patient monitor එකක් වත් නෑ....

ඇදට වැටුනත් මම ඇස් ඇරගෙන කොට්ටෙට ඔලුව තියන් කල්පනාවක ඉදියේ myng එනකන්.....

මට හිතාගන්න බෑ .....ඇයි මට බැරි ගිහින් ලස්සන කෙල්ලෙක්ගෙ ඇගේ හැප්පෙන්න......හැප්පුනොත් හැප්පෙන්නෙම අර ගිනිපුග්කාරයගෙ ඇගේමනේ.....හරි කෑම්ප් එකේ කෙල්ලො නැති එකේ ලස්සන මූනක් තියෙන කියුට් කොල්ලෙක්ගෙ ඇගේ වත් හැප්පියකො..... වැටි වැටි හරි හේත්තු වෙන්නෙම අර මූලග්ගිනිකාරගෙ ඇගටමනේ.... මොනා උනත් මිනිහ මට පඩිපෙලෙන් වැටෙන්න නොදී බදල අල්ලගත්තා.....

ඒක මතක් උනා විතරයි මගේ මූණ රතු උනේ ඒක තනිකර නිකන් lovely action  එකක් වගේ.... ආවුස්......අන්තිමට මම ඉදියේ එයාගෙ ඇග උඩ.හොදම වැඩේ තමයි එයාගෙ අත් දෙක තිබ්බෙ එක අතක් මගේ කර වටේ......අනිත් අත..... ඉහික්....... මගේ ඉන වටේහ්.... සැක්....

Knock 💥 ...........

" myng ඇවිල්ලද කොහෙද ......."

දොරට ගහන සද්දෙට කල්පනා ලෝකෙන් මිදුන මම ගිහින් දොර ඇරියම එතන ඉදියේ ලස්සන හිනාවක් දාන් ඉදපු කියුට් කොල්ලා myng....

" එන්න myng......"

" මම එන වෙලාවට දොර ලොක් නොකර තියන්න යීබෝ ...... මම අමාරුවෙන් තමයි මේ ඒරියා එකට පැනගන්නේ....."

" හරි ......මට ඒක අමතක උනා....."

Myng ගිහින් ඇදෙන් වාඩිගද්දි මම එයා පස්සෙන්ම ගිහින් මෙසෙ පුටුව උඩ වාඩි උනා.......

" දැන් තුවාලෙ හොදයි ද......"

" හ්ම්ම්......මම ඇමොක්සලීන් පෙත්තක් බිව්වා.....ඒකට ඉක්මනට වේළෙයි....."

" ම්ම්........ ඔයා කාලද යීබෝ ....."

Myng කතා කරන්නෙම මගේ ඇස් දිහා බලාගෙන..... හරි අමුතුයි වගේ එයා..... හැබැයි  myngට තිබ්බෙ නම් දාහකින් හොයාගන්න බැරි ඇස් දෙකක් වගේම ලස්සන නහයක්....

Forever Love Wo Geschichten leben. Entdecke jetzt