Jungkook's PoV
"හ්‍යුන්ග්. හෙට මට ටූනමන්ට්ස් ගැන බයයි වගේ""ඔයා හොදම ස්විමර් කියලා කෝච් කියනවා මට ඇහුනා. ඉතින් ඇයි බය වෙන්නේ.?"
"හෙට මගේ පලවෙනි රිලේ එක. මම මෙච්චර කල් රිලේ වලට ගිහින් නැ. මට ටිකක් අමුතුයි වගේ ඒ හන්දා."
'කුකී බය වෙන්න එපා. ඔයා ඉවෙන්ට්ස් තුනම වින් කරනවා. "
"මාත් එහෙම හිතනවා හ්‍යුන්ග්. ඒත් මම තත්පරයක් පරක්කු උනොත්?"
" ඒක ගැන හිතන්න එපා දැන්.අද ප්‍රැක්ටිස් වලට යන්නේ නැද්ද?"
"නෑ..මම ටූනමන්ට්ස් වලට කලින් දවසේ ප්‍රැක්ටිස් කරන්නේ නෑ හ්‍යුන්ග්..ඒක මගේ පොඩි කාලේ ඉදන් පුරුද්දක්."
"ඔයා කෝච්ට ඒ ගැන කිව්වද?"
"ඔව්..මම කිව්වා. කෝච් අවුලක් නෑ.අර කිම් කණු ටේයුන් තමයි පොඩ්ඩක් අවුලක් ඇද්දේ. ඒත් ගාණක් නෑ. "
මම කනු ටේයුන්ට එක එක ඒවා කියනකොට මගේ හිතේ මහ අමුත්තක් තේරුනා. මම හ්‍යුන්ග් ඉස්සරහා කණු ටේයුන් ගැන කියන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් මගේ කටින් ඒක පිටවෙලා ඉවර උනා..වෙනදා වගේම හ්‍යුන්ග් මොකුත් නොකියා ඉන්නකොට මගේ හිත මට ගොඩක් දේවල් ඒ ගැන කිව්වා.
හ්‍යුන්ග් දිහා බලන් ඉදලා මම අනිත් පැත්ත හැරෙනකොට අපි වාඩි වෙලා හිටපු තැන එහා පැත්තේන් පිපිලා තිබ්බ ලා දම් පාට මල් ටික දැක්කම මම එතනට ගිහින් මලක් කඩා ගත්තා. ඒ මල මගෙ කටින් එන මල වගේමයි කියලා තේරුනම මම හ්‍යුන්ග්ට පෙන්නලා ඒ මල මොකක්ද කියලා ඇහුවා.
"හ්‍යුන්ග් මේ මල මොකක්ද?"
"මේ ලයිලැක් කුකී. ඒක හරි ලස්සනයි නේද?"
"ලස්සන උනාට ඒක ගොඩක් රිදෙනවා හ්‍යුන්ග්. "
"ඒ කිව්වේ?"
"හ්‍යුන්ග් දන්නවද දෙයක්. ලස්සන මල් ගොඩක් වෙලාවට අපිව රිද්දනවා. ඒවා ලස්සන වෙන්න වෙන්න අපිව රිද්දන්න පුලුවන් පරාසයත් වැඩියි. හරියට ලස්සන මිනිස්සු වගේ. "
හ්‍යුන්ග් මගේ දිහා ගොඩක් වෙලා බලන් ඉන්න අතරේ මම හ්‍යුන්ග්ගේ ලස්සන මූණ දිහා බැලුවා. මනුස්සයෙක්ට කොහොමද මෙච්චර ලස්සන වෙන්න පුලුවන් කියලා හිතනකොට මගේ උගුර කසනවා වගේ දැනුනේ ආයේ මගේ කටින් මල් එන්න හදන්නේ කියලා මට තේරුම් කරවන ගමන්. මම හ්‍යුන්ග්ව එතනම දාලා රෙස්ට් රූම් දුවනකොට හ්‍යුන්ග් මගේ පස්සෙන් ආවත් මම පිටුපස නොබලා රෙස්ට් රූම් එකට ඇවිල්ලා දොර වහගත්තා. කොමඩ් එකට බරවෙලා මම කහිනකොට මගේ කටින් ආව ලයිලැක් මල් පෙති වලයි මල් වලයි රතුපාට ලේ ගෑවිලා තියනවා දැක්කම මගේ හිතේ ලොකු බයක් ආවත් මට ඒ ගැන හිතන්නේ නැතුව තව තවත් කහින්න උනේ මගේ ඇගම රිදුම් දෙනකොට.
ŞİMDİ OKUDUĞUN
Lilac vs. Lily | Tae × Jin × Kook | Completed
Hayran Kurguකවුද කැමති තමන්ගේ ආදරය මරලා දාන්න. මම එයාට ආදරේ කරන තරමටම මගේ ඇග ඇතුලේ පැලවුන මල් පැලයටත් ආදරේ කරා. වේදනාවක් දුන්නට ඒ සුදු පාට මල් පෙති වලට, ඒ සුදු පාට මල් වලට මම ගොඩක් ආදරේ කරා..... 'හැනහකි...' මවාගත්ත ලෝක වල මම දැකපු ලස්සනම දේවල් වලින් එකක් 'හැන...