22th Petal

242 97 16
                                    

Jungkook's POV

රිලේ එක කොලේජ් රෙකෝර්ඩ් එකක් වෙයි කියලා හිතුවත් ඒක නැශනල් රෙකෝර්ඩ් එකක් කියලා අපිට ඇහෙනකොට පූල් එකෙන් එලියට ආව අපි හතර දෙනාම ලොකු ගෲප් හග් එකකට ආවා. කිම් කණු ටේයුන් මාව ඇවිත් බදාගන්නකොට මට එයාව අයින් කරන්න ඕනේ උනත් මම එහෙම කරන්නෙ නැතුව එයා මගේ පිටට තට්ටුවක් දානකොට ජින් හ්‍යුන්ග් මගේ දිහා ඈත ඉදන් බලන් ඉන්නවා දැක්කා. එයා හිනා වෙලා ඉන්නකොට මට එයා ලගට දුවලා යන්න හිතුනත් මම මොකුත් නොකර එයා එක්ක හිනා උනා. කිම් කණු ටේයුන්ගෙන් ඈත් වෙලා මම ඒ පැත්තම බලන් ඉන්න අතරේ හ්‍යුන්ග්ට අත් වනනකොට ටේයුන්ත් ඒ පැත්ත බලන් ඉන්නවා කියලා දැක්කේ හ්‍යුන්ග් එක පාරටම අත් පහලට දාලා වාඩි උන හන්දා. කෝච් එක්ක කතා කරලා අපි කොලේජ් ජර්සි වලට මාරු උනාට පස්සේ අපි හැමෝටම එක තැන වාඩි වෙන්න උනේ ඊලගට සෙරමනි එක පටන් ගත්ත හන්දා.

එහා පැත්තෙන් කෝච්, මෙහා පැත්තෙන් කිම් කණු ටේයුන් වාඩි වෙලා ඉන්නකොට මට ආයේ කැස්ස එන්න හැදෙනකොටම හ්‍යුන්ග් මට දෙවනි පාර බාත් රූම් එක ලගදි දුන්න බෙහෙත් බෝතලෙන් බෙහෙත් දෙකක් අරන් මම දෙපැත්තේ ඉන්න දෙන්නට නොදැනෙන්න කටට දාගත්තා. කිම් කණු ටේයුන් වෙනදට වඩා ටිකක් හොදට මාත් එක්ක කතා කරනකොට මම එයා අහන දේවල් වලට ඔලුව වනලා විතරක් උත්තර දුන්නේ එයාගේ ප්‍රශ්න වලට වඩා මගේ හිතේ බය තිබ්බේ මට හැදිලා තියන අමුතු ලෙඩේ ගැන මතක් වෙලා. හැනහකි? මොක්ක්ද ඒ හැනහකි කියන්නේ කියලා ගෙදර ගිහින් ගූග්ල් කරලා බලනවා කියලා හිතාගෙන මම සෙරමනි එකට අවදානය දෙනකොට මගේ උගුර කසන ගතිය ටිකක් අඩු වෙලා ගියා.

අන්තිම මෙඩ්ල් එකත් ගත්තට පස්සේ අපි කොලේජ් එකේ ගෲප් ෆොටෝස් ගත්තා. කිම් කණු ටේයුන් මාව එයාගේ ඉස්සරහට දාලා මගේ ශෝල්ඩර් එකෙන් අත් තියාගන්නකොට මගේ ඇගේ කරන්ට් එක යනවා වගේ දැනුනත් මම ඒ ගැන හිතන්නේ නැතුව ගෲප් ෆොටො එකට මවාගත්ත හිනාවක් දැම්මා. කට්ටියම ෆොටෝස් අරන් ඉවර වෙනකොට ඈත ඉදන් අපි දිහා බලන් හිටපු ජින් හ්‍යුන්ග්ව ඇදගෙන ඇවිත් ෆොටෝ ග්‍රැෆර්ට කියලා අපි දෙන්නගෙත් ෆොටෝ එකක් ගත්තා. මම අත් දෙකෙන්ම ජින් හ්‍යුන්ග්ව බදාගෙන ඉන්නකොට හ්‍යුන්ග් එයාගේ අතක් මගේ උරහිසට දාලා මාව එයාගේ ලගට ඇදලා තියාගත්තා. අපි දෙන්නම පෝසස් දෙක තුනකින් ෆොටෝස් ගත්තට පස්සේ කෝලේජ් කෝච් මට කතා කරනවා ඇහිලා මම ඒ පැත්ත බැලුවේ මේ වෙලාවේ එයා මොකට කතා කරනවද කියලා හිතාගන්න් බැරුව.

Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed Donde viven las historias. Descúbrelo ahora