23rd Petal

269 94 24
                                    

කිම් කණු ටේයුන් පර්ස්පෙක්ටිව් !!!

Taehyung's POV

පැසෙන්ජර් ශීට් එක උඩ තියන ලිලී පොකුර දිහා බලාගෙන මම ගොඩක් දේවල් කල්පනා කරා. ලිලී මල්  මගේ ආසම මල වෙනකොට මෙච්චර දවසක් ලිලී මල් එක්ක තිබ්බ මගේ කතාව එක පෙලට මගේ හිතේ මැවෙනකොට මම ලිලී මල් ටික අතට අරගෙන එකේ තියන ටැග් එකේ නෝට් එක කියෙව්වා.

Love,

Finally , You see me!!

-Love


 

***********************************
  


යුරෝපේ ඉගෙන ගන්න හීනය අත ඇරලා අවුරුදු තුනට කලින් මම කොලේජ් එකට  ආවේ අප්පා මට තනියම එහෙ යන්න දෙන්නේ නෑ කියලා බල කරලා කිව්වට පස්සේ. මම ඔම්මා ලගට යයි කියලා බය වෙලාද මන්දා අප්පා මට නීතී රීතී ගොඩක් දාලා මාව එයාගේ කොලේජ් එකටම ගන්නකොට මම එයාට විරුද්ධ වෙන්න බැරි හන්දා එයාගේ කොලේජ් එකට එන්න කැමති උනා..ඒත් ඒ එක කොන්දේසියක් උඩ. අප්පා හේතුවක් නැතිවම මගේ යාලුවන්ගෙන් අකමැතිම කෙනා ජිමින් වෙනකොට මම අප්පාගෙන් ඉල්ලුවා ජිමින් කොලේජ් එනවා නම් විතරක් මම කොලේජ් එකට එන්න කැමති වෙනවා කියලා. මගේ ඉල්ලිම වෙනස් උනේ නැති හන්දද මන්දා අන්තිම ජිමින් , මම දෙන්නම  කොලේජ් එකට ආවේ අපේ ගමන එකටම යනවා කියලා හිතාගෙන.

එක සෙමෙස්ටර් එකක්ම අප්පා එක්ක රණ්ඩු වෙලා ඉදලා ඉදලා අන්තිමට කොලේජ් එකට සෙමෙස්ටර් එකක් පහු වෙලා ආවත් ආව දවසෙම මාව කොලේජ් එක ළමයි හැමෝම අතරේ ප්‍රසිද්ධ උනේ මම කොලේජ් චාන්ස්ලර්ගේ පුතා කියන එක එන්න කලින්ම ළමයි දැනගෙන හිටපු හන්දා. කොලේජ් එකේ ලොකු ලොකු ගැන්ග්ස් ඒ වෙනකොටත් තිබ්බත් ඒ කවුරුත් මාත් එක්ක රණ්ඩුවට එන්නේ නැති වෙනකොට ජිමින් එක්ක මම එකතු වෙලා පොඩි ලමයි බුලී වෙන එක නතර කරා. මටත් වඩා ජිමින් ඒකට ගොඩක් මැදිහත් වෙනකොට අප්පා මොන තරම් එපා කියලා කිව්වත් වැඩිහිටියෝ කියන දේ කනකට ගන්නේ නැති ළමයි දෙන්නෙක් විදිහට අපි අපේ වැඩේ දිගටම කරගෙන ගියා.

කොලේජ් එකේ පලවෙනි මාසෙම කෙල්ලේක් මට කේක් උස්සන් ඇවිත් මම රිජෙක්ට් කරාට පස්සෙ දවසේ ඉදන් එන්නේ නැතුව හිටියා. දෙවනි මාසෙත් ගොඩක් අය මගෙන් කැමැත්ත අහගෙන ආවත් ඊලග දවසේ ඉදන් එයාලා කොලේජ් එන්නේ නැති වෙනකොට මම තේරුම් ගත්තා මොකක් හරිම වැරැද්දක් මෙතන සිද්ද වෙනවා කියලා. මගෙන් ප්‍රතික්ශේප උන පලවෙනි දවස, දෙවනි දවස එන්නේ නැත්තේ ලැජ්ජාවට කියලා හිතන්න පුලුවන් උනත් එයාලා මාස ගණන් එන්නේ නැතුව ඉන්න එක ප්‍රශ්නයක් උනාම ජිමින් එක්ක එකතු වෙලා මම ඒ ගැන හොයලා බලනකොට මම තේරුම් ගත්තා අප්පා ඒ හැමෝවම කොලේජ් එකෙන් බොරු හේතු වලට අස් කරලා කියලා. මේ මගේ කොලේජ් එකකින් අස්වීම දුන්නට පස්සේ ආයේ වෙන කිසිම හොද කොලේජ් එකකට යන්න බැරුව එයාලගේ අනාගතේ හොදටම අදුරු වෙනවා නේද කියලා මට තේරුනාට පස්සේ මම අප්පා එක්ක මේ ගැන කතා කරන්න ගිහින් අපේ රණ්ඩුව ගොඩක් දුරදිග ගියා. අන්තිමට ඔම්මා ලගට මම යනවා කියලා අප්පාට තර්ජනය කරත් ඒක තව දුරටත් වැලිඩ් නැති උනේ ඔම්මා එයාගේ තුන් වෙනි මැරේජ් එකත් කරගෙන කොරියාවෙනුත් එලියට ගිහින් තිබ්බ හන්දා. ඒත් අප්පාගේ රණ්ඩුව නිසා මම කිසිම කෙනෙක් එක්ක කිසිම සම්බන්දයක් පටන් ගන්නේ නෑ කියලා අප්පාට දිවුරලා කිව්වට පස්සේ අප්පා ළමයිව බොරුවට අස් කරලා දාන එක නැවැත්තුවා. ඒත් මගේ පස්සෙන් එන අය නතර උනේ නෑ.

Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed Место, где живут истории. Откройте их для себя