Epilogue

444 102 82
                                    

Jimin's POV

"ඒක පාර්ශ්වීය ආදරය කියන්නේ ලොකු වැරැද්දක් ජිමින්... අපි දැනුවත්වම හරි නොදැනුවත්වම හරි කරන ඒ වැරැද්දට හම්බෙන දඩුවම හරි ලස්සනයි. ඒත් ඒ ලස්සන ඇතුලේ ලොකු වේදනාවක් තියනවා. අපි ආදරේ කරන කෙනා වෙනුවෙන් පෙනහලු ඇතුලේ මල් පැලයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ මල් හරි ලස්සනයි. ඒත් ඒ ලස්සන මල් වෙනුවෙන් අපේ පෙනහලු ලොකු වේදනාවක් විදිනවා. පෙනහලු දිගේ මුල් ඇදෙද්දී ඒ වේදනාව දරාගන්න අමාරු වෙනවා. ඒත් අන්තිමට ඒ පැලය ලොකු වෙලා මල් පෙති එකින් එක එලියට දානවා. "

"මුලින් මල් පෙති ආවට පස්සේ පස්සේ ආදරේ වැඩිවෙනකොට මල් එලියට එන්න පටන් ගන්නවා. මල් පෙති වලට වඩා මල් ලස්සනයි. ඒ වගේම තමයි මල් පෙතිවලට වඩා මල් ලොකු වේදනාවක් දෙනවා. මලක් එලියට එන්න කලින් මල උගුරේ හිර උනාම ඒ මල එලියට එනකන් ගොඩක් කහින්න ඕනේ. මල පරිස්සමින් එලියට ගන්න ඕනේ නම් ගොඩක් වෙලා කහින්න ඕනේ. "

"මම එක මලක් වත් තැලෙන්න දුන්නේ නෑ. ගොඩක් වෙලා කැහැලා ඒ හැම මලක්ම පරිස්සමින් එලියට ගත්තා. පරිස්සමට අරගෙන ඒ ඔක්කොම බොකී එකකින් හැමදාම ටේයුන්ගේ ලොකර් එකේ තිබ්බා. ඔයා දන්නවද? අපිට අපි ආදරේ කරන කෙනාගේ ආදරේ නොලැබුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. අන්තිමට එන මල් පෙතිවල ලේ ගෑවිලා තියනකොට අපි දන්නවා ඒ අපේ අන්තිම කාලය කියලා. ඉතින් මේ යන්නේ මගේ අන්තිම කාලය."

"ඒත් ජින් මේක හොද කරන්න විදිහක් නැද්ද? "

"තියනවා. "

"ඒ කොහොමද? "

"ඒ ආදරේ අපිට ලැබෙන දවසක අපේ ඇග ඇතුලේ තියන මල් පැලය මැරෙනවා. "

"ඒක කරන්න බෑ. ටේයුන් දැන් කුකීගේ. එහෙම නැතුව වෙන විදිහක්? "

"තියනවා. "

"ඒ මොකක්ද? "

"සර්ජරි එකක් කරලා ඒ මල් පැලය අයින් කරන්න ඕනේ.එතකොට මල් පැලය අයින් වෙනවත් එක්කම අපේ හිතෙන් ඒ කෙනා එක්ක තියන ආදරෙත් නැති වෙලා යනවා."

"ඇයි ඔයා ඒක කරන්නේ නැත්තේ? අපි ඒක කරමු. මම ඩොක්ටර් නම්ජූන්ගෙන් අදම අපොයිමන්ට් ගන්නම්.අපි යමු ජින්!"

Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed Wo Geschichten leben. Entdecke jetzt