🌄🌄🌄🌄🌄🌄🌄
උදේ පාන්දර ඉර පායලා තියෙද්දි මම නම් ඇදේ වට්ටමට හේත්තු වෙලා ඉදියේ පොඩි නුරුස්සුම්කමක් එක්ක..... මගේ මූණ ඇති නිකන් හත්තිලව්වට ගහපු කලාබරාසියා වගේ.....ඇයි අනේ හුහ.....එයාට ලෙඩෙක් ගේ ඇතුළෙ කියල වත් ගානක් නෑ..... එයා අන්න ලෑස්ති වෙනව උදෙන්ම ඩියුටි යන්න.... එයා ගියාම මට පාලුයිනේ ඉතිං .......
" මෙඩිකල් එකේ කාට හරි එන්න කියන්නද....... "
" ........................"
" බෝ.............???"
" හුහ්......එපා......."
එයා කණ්නාඩිය ඉස්සරහ හැඩ වෙලා තොප්පියත් දාන් මන් දිහා බැලුවා.....
" දැන් ඔය තුවාල වලට බෙහෙත් දාගන්නැද්ද..... "
" ඕන්නෑ.....කන්නයි බොන්නයි බෙහෙතුයි නැතුව මම මැරිලා යනව.... ඇයි ඉතිං මෙතන ලෙඩෙක් බලාගන්න වත් එකෙක් නෑනේ......."
මම එක හුස්මට කියන් යද්දි එයා නම් හැගීම් විරහිත බැල්මකින් මන් දිහා බලන් ඉදියා.....හරියට අයිසෙ නිව්ටන් (😂) වගේ.....
මන් දිහා ටික වෙලාවක් බලන් ඉදපු එයා ඇද ළගින් වාඩි උනා.....මේ මිනිහ දන්නව මම ඌට පැලෙන්න ලව් කියල ....ඒත් නොදන්නව වගේ ඉන්නව.....
" උරහිස පෙන්නන්න......"
එයා මන් ළගට ඇවිත් කියද්දි මම ඇදන් ඉදපු එයාගෙම ශර්ට් එකේ බොත්තම් පන්නලා උරහිසෙන් පාතට දාලා අහක බලාගත්තා....
" මොකකින්ද ගැහුවේ......"
එයා මගේ උරහිස හිනියට අතගාන ගමන් අහද්දි මම අහක බලාගත්ත ගමන්ම ඉදියා.....දැන් ඔය ගියාම එද්දි කීය විතර වෙයිද දන්නෑ ඉතිං ....
" ........................."
" බෝ...........???"
" සපත්තුවෙන් පෑගුවා......"
" මට ඔය මහත්තයත් එක්ක ලොකු කතාවක් තීනව........"
එයා බැරෑරුම් විදියට කියද්දි මම එයාගෙ මූණ දිහා බැලුවා......
" මොකද්ද......."
" දැන් මට කියන්න .....මොන මගුලකටද මේ පැත්තේ ආවෙ කියල ......"
" අහ්..........???"
" ඇහුන එක තමයි කිව්වේ......"
" ........................."