🌸 Lixie

66 16 16
                                    

අන්තිමට ඉතින් හැමෝම තම තමන්ගෙ ගෙවල්වලට ගියේ උදේ එලිය වැටෙද්දිමයි...

dobby : ගුඩ් මෝනින් ඔම්මා !

maya : ගුඩ් මෝනින් ඔම්මා ! අප්පා ගියාද?

yeonji : ඔව්..මින්හො අද උදේම ගියා..මදෑ ඔය දැන් වෙලාව නවයටත් කිට්ටුයි..

උදේ ඇහැරුන ගමන් ඩොබියි මායයි චේන්ජ් කරන් පහළ කෑම මේසෙට ආවෙ කම්මැලි කඩන ගමන්..

yeonji : මායා ! කෝ මල්ලි?? මෙහෙම කම්මැලි වුනොත් නම් එයාව හදන්න බැරි වෙයි ! යන්න ගිහින් ඇහැරවන් එන්න..

යොන්ජි කියනකන් මායට ටේ ගැන ගානක් ගියේ නෑ..යොන්ජිගෙ බල කිරීම නිසාම මායා ටේව ඇහැරවන් එන්න ටේගෙ රූම් එකට ගියේ යොන්ජිටයි ඩොබීටයි එයාලා එනකන් කෑම කන්න ඉඩ දීලා..

@tae's room

maya : ටේ ! ටේ ! දැන් නැගිටින්න..ඔම්මට තරහ යයි නැත්තම්..

tae : ම්...

maya : කෝ හොද ළමයා වගේ නැටින්න..මට කියනවද ඔයාගෙ ප්‍රශ්නෙ? මට තේරෙනවා මේ දවස් ටිකේම ඔයා මොනාමහරි දෙයක් හිතේ හිර කරන් ඉන්නවා කියලා.....

tae : මොකුත් නෑ නූනා ! ඔයා ගිහින් කෑම කන්න.මම එන්නම්..

ඇත්තටම මායා හිතපු දේ හරි.ටේ ඉන්නෙ ප්‍රශ්නෙක.ඒත් ටේ කැමති නෑ එයාගෙ ප්‍රශ්න අනික් අයට කියන්න..

එදත් හැමදාම වගේ ටේ කළේ මායව මගෑරපු එක..

කෑම කාලා ඉවර වුණ ගමන් මායට පුස්තකාලෙට යන්න වුන නිසා එදත් ටේට ඉන්න වුනේ ඩොබියි එයාගෙ නපුරු ඔම්මයි එක්ක..

@library

maya : අංකල් !! මගේ බුක් එක ඇවිල්ලද?

librarian : අහ් ! ඔව් ඔව් !! ඈන් ලියාගෙ එක නේද? මෙන්න එකට දෙක තුනක්ම තියේ.ඔයාට ඕනි එක තෝරගන්න....

පුස්තකාලෙ භාර කෙනා එහෙම කියන ගමන් මායගෙ අතට පිටු 500ක විතර ලොකු පොත් දහයක් විතර අතට දුන්නා..

ඊට පස්සෙ මායා ඒ ටිකත් අරන් ගිහින් දකුණු කෙළවරේ තිබුනු දුඹුරු පාට දිග මේසෙන් වාඩි වුණා..

ටික වෙලාවක් ඒ පොත් එකින් එක පෙරලලා බල බල හිටපු මායට එයාගෙ පරණ යාලුවෙක් අහම්බෙන් වගේ මුණ ගැහුනෙ පුස්තකාලෙ පොත් සුවද හැම තැනින්ම දැනෙද්දි..

Be With Me | TREASURE FF | ✔Where stories live. Discover now