🌸 Ruto

53 13 24
                                    

mashi : මේ බලන්න ! එයා එතන හිටිය පොඩි ළමයින්ට කියුට් ටෙඩීලා දීලා !!

maya : අහ් ! මේ ටෙඩියෙක් මමත් දැක්කනෙ..අහ් !! ටේ ! කව්ද ඔයාට මේක දුන්නෙ??

ටේගෙ අතේ තිබුනු ටෙඩීව දැකලා මායත් අන්දුන්කුන්දුන් වෙලා ගියේ ඈන් ලියත් මේ වගේ ටෙඩීලා ට්‍රස් ලෑන්ඩ් එකේ බෙදලා තිබුන නිසා..වැඩේ කියන්නෙ එදා ඈන් ලියා එතනට ඇවිත් තියෙන්නෙ කාටවත් අදුරගන්න බැරි විදියට...

tae : මේක මට දුන්නෙ ලස්සන ආංටි කෙනෙක්..එයා මට කීවා එයා මං වගේ පොඩි ළමයින්ට තෑගි දෙන්න ආවෙ කියලා..තව මේක තමා එයා ගාව තිබුනු අන්තිම ටෙඩී කියලත් කීවා..ඊට පස්සෙ එයා මගේ දිහා බලාගෙන ඉදලා මගේ ඔලුවත් අත ගාලා යන්න ගියා...

maya : මාෂි ඔප්පා !! ඒ ඈන් ලියාම තමයි !!! ටේ පැටියෝ...ඔයා නම් ගොඩක් ලකී මල්ලියෙක් ! බලන්න මේ ඈන් ලියා !!! එයා තමා ඔයාට ඔය ටෙඩීව දීලා තියෙන්නෙත්...

මායට සතුට දරා ගන්න බැරුව ටේව මිටිකලා චප්ප චුරුස් කරපු නැති ටික විතරයි..

tae : අනේ නූනා !! ඔය ඇති...අර ගෑනු ළමයි මට හිනා වෙයි..

mashi : මායා...ඔය කොල්ලට ඉන්න දෙන්න !! අපිට දැන් යන්න වෙලාවත් හරි නේද?

maya : අහ් ! ඔව්...අර එන්නෙ සෙට් එකම !!

tae : අර !! හන් හ්‍යුන්ට මක් වෙලාද?? එයා මින්හො හ්‍යුන්ගෙ කරේ නැගන් මොනාද කරන්නෙ?

ටේටත් හොදටම හිනා මින්හොගෙ කරේ එල්ලිලා ඉන්න හන්ව දැක්කම..

mashi : ආ...... මේ මොකද?? මලසමයං බෝල සබන් !!

Riya : සමයං තමා !! දන්නවනෙ ඉතින් අපේ පොල් දතාට මින්හො ඔප්පගෙ කර ඇරෙන්න සැප නින්දක් දාන්න පුලුවන් වෙන එක තැනක්වත් නෑ කියලා..

රියා එහෙම කීවෙ බක බක ගගා හිනා වෙවී..

minho : අඩෝ හන් !

han : කතා කරන්න එපා මට නම් දැන්ම බහින්න බෑ !!

felix : මින්හො හ්‍යුන්ගෙ කොන්දට දෙවි පිහිටයි !

Dobby : අපි එහෙනම් යමු නේද?? හැමෝටම ගුඩ් බායි !!!

හැමෝටම සමු දීලා ඩොබියි මායයි ටේයි එයාලගෙ කැබ් එකට නැග්ගා...ඒ වගේම හනුයි මින්හොයි රියයිත් එයාලගෙ කැබ් එකට යන්න ගියා...ඒ වගේම මාෂි එයාගෙ කාර් එකෙත් ෆිලික්ස් එයාගෙ කාර් එකෙත් නැගලා ආපහු ගෙදර යන්න පිටත් වුණා...

Be With Me | TREASURE FF | ✔Where stories live. Discover now