අම්මී...

10 5 13
                                    

වේදනාව ඉවසාගෙන...මා ළගින්ම ඉන්නා...
දසමාසයක් කුසේ දරා මේ ලෝකෙට එව්වා...
ඇත් දහසක පා පහරත් මා වෙනුවෙන් ඉවසා...
ඇට මස් ලේ නහර කිරි කර ආදරයෙන් පෙව්වා...

වසරෙන් වසර මා ලොකු වන දෙස බලාන තුටිනා...
ආදරණීය හැන්ගුමන් සිත තුළ අපමණ පුරවාලා...
මොහොතින් මොහොත සිත කලබල කර මා ගැන සොයලා...
ඇස් දෙකටත් වඩා මා පරිසම් කරගෙන මා වඩලා...

වයස වසර 5ක් ය දැන්...පෙර පාසල් යනවා...
උදේට මෙන්ම,දහවලටත් මා ගෙන එන්න එනවා...
ගෙදර දොරේ සියළු වැඩත් මහන්සියෙන් කරලා...
කවා පොවා මා නහවා ඔබ දැන් හිනැහෙනවා...

වෙහෙසක් නැතිද අම්මේ ඔබට මේ හැම දේ කරලා...
අසනා විටදි ඔබ හිනැහී නැහැ මගෙ දූ කිව්වා...
සියලු වැඩම අවසානේ අත පය රිදෙන හන්දා...
අතගා වේදනාවෙන් හිනැහෙනු හොරැහින් දුටුවා...

දැන් මට වසර 10ක් මා පාසලකට යනවා...
අවසන් නොකර ඔබ තවම පෙර වැඩ මුරය කරනා...
මගෙ පුංචි නංගියත් දැන් මගෙ පාසලටම එනවා...
දැන් ඔබ පෙර මෙන් දෙගුණයක් වෙහෙස වෙමින් ඉන්නා...

ඉගෙනීමට මා උනන්දු කර සැමවිට යොමවා...
මා ලබනා දිණුම් දෙස සතුටින් බලාන උන්නා...
සැම විට මගෙ දියුණුව ගැන අපමණ සිත වෙහෙසා...
මා ලොකු හොද මිනිසෙක් කරන්න ඇය බොහො වෙහෙසෙනවා...

දැන් මට මේව තේරෙණවා...අම්මා මොනාද දන්නේ?
අසනා විටදි ඔබ කෙතරම් හඩන්න ඇතිද අම්මේ..
මේ දේ,අර දේ කරන්න එපා මගේ දෝණී...
අම්මා කියන විට ගස්සා කාමරට යන්නී...

මගෙ දූ දැන් වෙනස් වීලා,නෑ මා ගනන් ගන්නේ...
ඔබෙ හොදටයි දුවේ මා මේ සැම උපදෙස් දෙන්නේ...
නැහැ මට අවැසි වරදක් කරනට මාගෙ සුදූ දෝණී...
වරදක් වෙන්න පෙර ඔබ වළකන්නට පමණයි ඕනී...

පෙරටත් වඩා මුරණ්ඩුකම තව තව වැඩි වෙන්නේ...
අම්මා කියන කිසිදේ දැන් නෑ කනකට ගන්නේ...
අර දේ ,මේ දේ ගෙනවිත් දෙන්න කියමින් රණ්ඩු වන්නේ...
අම්මා,අප්පච්චිටත් වඩා දුරකථනය ලොකු වන්නේ...

අම්මාටත් වඩා පිට කෙනෙකු වැඩිය වටින වන්නේ...
බොරු කියමින්,රණ්ඩු කර සැමදින ඔහු හමුවට යන්නේ...
සල්ලි ඉල්ලමින් සැම දින මව හා පැටලෙන්නේ...
මම සැම දේම දන්නේ,අම්මල දැන් වයසයිනේ...

ටික කාලයක් ඔය ලෙස ජීවිතෙ අරගෙන යන්නේ...
ඉක්මනින්ම වැඩ වරදින කලක්ය දැන් එන්නේ...
අනේ මගේ අම්මේ මම ගොඩක් වැරදි අම්මේ...
ඔයා විතරමයි මට සැමදා ආදරෙ දුන්නේ...

සැබෑ ආදරේ අම්මා ළග විතරයි ඇත්තේ...
වැරදෙන විටදි සියලුම දේ ටික ටික තේරෙන්නේ...
පමා වැඩි නෑ මගෙ දූ දැන් මා අසලට එන්න...
කියමින් ළගට ගෙන සනසා ආදරයෙන් ඉන්න...

මේ ලොව උතුම් ආදරයෙන් මා රැක හැදු වැඩුව...
ඒ මහ පින් කදය ඔබ මගෙ ආදරණීය අම්මා...
ජීවිතෙ පුරා උවටැන් කර රැකගත්තද අම්මා...
ඔබ කළ කැප කිරීමට ණය පියවෙන්නෑ අම්මා...

සම කළ නොහැකි ආදරයෙන් මා නැළවූ අම්මා...
උපදින මතු භවෙක බුදු වෙන්න මගෙ ආදර අම්මා...
ලේ කිරි කර පොවා මා ඇති දැඩි කළ මාගේ අම්මා...
තිබුණොත් යළි භවයක් මගෙ මවම වෙන්න අම්මා...

_______________________________________________________

ලෝක මවුවරුන්ගේ දිනය වෙනුවෙන් මගෙන් චූටි තැග්ගක්.

සමාවෙන්න ඕනි පරක්කු වුණාට.අද වගේ දවසකත් අම්මට උදව් නොකර බෑනෙ ඉටිම් ❤️🥰 එහෙම උදව් නොකර මෙහෙම එකක් ලිවුවත් වැඩක් නෑ.බොරුවක් කරනව වෙනවනෙ.මං ඉටිම් ඒව කරල එනකොට ටිකක් පරක්කුයි.
😊😊😊 ගිහිම් එන්නම් මගෙ දම් රෝස ටික...❤️🥰


You've reached the end of published parts.

⏰ Last updated: May 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

For youWhere stories live. Discover now