tae : ටෙඩී ඔයා?
"අයි ලව් යූ ටේ"
ටෙඩීව මිරිකන්න මිරිකන්න ටෙඩීගෙන් පිට වුනේ ඒ වාක්ය විතරමයි..
ඒකෙන් ටේට තේරුම් ගියා ඒ ටෙඩීව එයාට දුන්නු කෙනා තමයි මේක රෙකෝඩ් කරලා තියෙන්නෙ කියලා...
yeonji : ඩොබී ! ටේ ! දෙන්නම එන්න !! පරක්කු වෙනවා !!
යොන්ජිගෙ බෙරිහන් දිල්ලට ටේ ටෙඩීවත් අරගෙනම පහළට දුවන් ගියේ වෙලාවට ගියෙ නැත්තම් බැනුම් අහන්න වෙන නිසා..යොන්ජි ඔය කවදාවත් නැතුව ටේට කතා කරන්නෙ යන ගමන් කොලේජ් එක ළගින් එයාව දාගෙන යන්නම් කියලා..යොන්ජි ඩොබී එක්ක එයා පෝට් යන්නයි ලෑස්තිය..මොකද එදා තමා මින්හො ආපහු ගෙදර එන දවස...ඒත් ටේට කොලේජ් යන්න වුන නිසා ටේට එයාලා එක්ක යන්න බැරි වුණා..ඒ වගේම මායත් එදා ගොඩක් බිසී වුණා..මොකද එදා තමයි ඈන් ලියාගෙ ෆෑන් මීටින්ග් එක තියෙන දවස..මායා එදා උදේම මාෂිහෝ ළගෙ ගෙදරට ගිහින් හිටියෙ the8 gang එකෙන් ලැබුන හදිසි පණිවිඩයක් නිසා...
@mashiho's house
Maya : අපි යමු නේද දැන්ම?
mashi : ඔව් අපි යමු !!
mingyu : මාෂි ! මායා ! ඔයාලා හැමවෙලේම ෆෝන්ස් ඔන් කරන් ඉන්න..අපේ සැකකාරිගෙ අද ලොකේෂන් එක වෙන්නෙත් ඔය ෆෑන් මීටින්ග් එකම තමයි..අපි මෙහෙ ඉදන් හැම cctv එකක්ම චෙක් කරගෙන ඉන්නෙ..අපිට එයාව නෝට් වුන ගමන් ඔයාලට මැසේජ් එක දෙන්නම්...
Wonwoo : ඔව් ! කට්ටියම පරිස්සමින් යන්න...චනුයි බිනුයිත් අද ඉන්නෙ ඔය සයිඩ් එකේම තමා...කල්පනාවෙන් ඉන්න කට්ටියම එහෙනම්..
මායයි මාෂියි රියයි ෆිලික්සුයි හනුයි මින්හොයි හය දෙනාම එදා උදේම ඈන් ලියාගෙ ෆෑන් මීටින්ග් එක තියෙන තැනට පිටත් වුනේ ලොකු බලාපොරොත්තු ගොඩක් එක්ක...
මේ අතරෙ යොන්ජී.....
yeonji : මෙන්න ඔය දෙන්නට මිල්ක්ෂේක් දෙකක්...! දෙන්නම ඉක්මනට බොන්න..
අද නම් යොන්ජි ගොඩක් කරුණාවන්ත වෙලා..ඒකනෙ මේ වාහනේ යන ගමනුත් ටේටයි ඩොබීටයි මිල්ක්ෂේක් දෙන්නෙ...
නෑ....නෑ....ඒක එහෙම නෙවෙයි....යොන්ජි තාමත් යොන්ජිම තමා....

YOU ARE READING
Be With Me | TREASURE FF | ✔
Romance"මට ඔම්මව හොයාගන්න විතරයි ඕනි.." "ඔයා බලාපොරොත්තු නැති කරගන්න එපා..අපි බලාගෙන ඉමු.." ඔම්මෙක්ගෙ ආදරේ හොයන ඒ පුංචි ටේට ඔම්මව හොයාගන්න ලැබෙයිද? [220505] #5 - niziU #69 - brotherhood