_Chapter 03_

365 113 37
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 03

___________ ♡ __________


ශරීර අවයව විවිධ අසුරන වල දමලා මෘත ශරීරාගාරයේ තවමත් තිබුනෙ රසායනික දියර වල අධි ක්‍රියාකාරීත්වයෙන්. ජන්කුක් ජොන් අලස කමින් එහා මෙහා යමින් හිටියෙ අද දිනට වෙන් වෙලා තිබුන මෘත ශරීරය හාර දීම වෙනුවෙන්. ජන්කුක් මේ වගේ අවස්ථා වලට සහභාගී වෙන්නෙ ගොඩක් අඩුවෙන්. අඩුවෙන්ම නෙවෙයි. ඔහු ඇත්තෙන්ම සහභාගී නොවනම තරම්.

ඒ කොහොම වුනත් මේක විශේෂම අවස්ථාවක්. නෑ.. විශේෂම අවස්ථාවන්ගෙන් එකක්. ඔයාල ඒ ඇයි කියන්න නිර්'නය කලත්, මට විශ්වාසයි ඔයාලගෙ ඒ නිර්'නයන් බහුතරය වරදීවි කියලා.

හද ගැස්ම නැවතුනත් තවමත් ජීවී හදවත රසායනික දියරයේ ගිල්වලා විනිවිද පෙනෙන අධි ශීතකරණයේ තියලා තිබුණා.

ඒ වගේම දකුණු වෘක්කයත්.

තවත් අක්මාවක්..

මේ හැමදේම දැන් විවිධ අවයවන් කිහිපයක් වුනත් මීට දිනකට වගේ කලින් ඒවා පාක් වූබින් මහත්මයගෙ අයිතීන් වුනා..

විද්‍යාත්මක සංකල්ප විදිහට දියුණු නූතනයක් ගොඩනැගිලා තිබුනත් තවමත් මේ විශ්වය හරිම පුදුමාකාරයි නේද..?

~~~~~~~~~~

" මහත්මයා...?"

" මොකද කෙවින්..?"

" අර චූටි හුරුබුහුටි මහත්මයා තාමත් නෑනෙ. වෙලාව දහය පහුවෙන්නත් එනවා.."

" එයා කීයට එනවා කියලද කිව්වෙ කෙවින්..?"

" හරියටම දහයට එන්නම් කීවනේ.."

" දහය පහුවෙලා දැන් කොච්චර වෙලාවක් ගිහින්ද..?"

" තාමත් විනාඩි හය හතක් ගියේ ඉතින්.."

" අපි තව ටිකක් බලමුකෝ.. ඒක නෙවෙයි.. මොකක්ද ඒ හුරබුහුටි කතාව..?"

ජන්කුක් ඔහුගෙ දෑස් කුඩා කුඩා කලා.

" නෑ ඉතින්.. ඒ මහත්මයා හරිම කඩවසම්.."

" ඔයා කොහොමද එහෙම කියන්නෙ..?"

" ඉතින් මහත්මයා ඊයෙ මමනෙ එයාව රෝහලට ඇතුල් කලේ.. මම එයාගෙ මුහුන ලගටම දැක්කා.. හරිම ලස්සන ඇස් දෙකක් තියෙන, හුරුබුහුටි පෙනුමක් තියෙන තරුන මහත්මයෙක්.. ආ හරි ඉතින්.. මන් කියන දේවල් පිලි ගන්න ඕනි නෑ.. මේකවත් පිළිගන්නකො.. අර කිම් මහත්මයව දැක්කම රතුවෙන නර්'ස් නෝනා ඉන්නෙ.. අන්න එයත් ඒ මහත්මයව දැකලා නහයෙන් ඇඬුවා හරිම කඩවසම් කියලා.."

IDELLIC TEAR | JIKOOK AU | ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang