" තිසූ... "
" ම්ම්ම්? "
" ඔයා වෙනස් වෙලා! "
" ඒ ඔයාට පේන හැටි! "
" නෑ!!! ඉස්සර මට කෝල් කරලා කතා කරන කෙනාගෙන් ආසාවට මිස් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් නෑ දැන් "
" බිසී වුණා ටිකක්! "
" කාටද තිසූ බොරු කියන්නෙ? "
" ................... "
" තරහින්ද? "
" ම්හු "
" එහෙනම් ඇයි මේ තනි වචනෙන් දෙකෙන්? "
" .................. "
" ඔයාට උත්තර නෑ! ඔයා තරහින් තමයි! "
" නෑ. ඔයාට තේරෙන්නෙ නෑ! "
" මොනවද? "
" මුකුත්ම! මං ගැන! මේ වුණු දේ ගැන! "
" ඒක... ඒක මෙහෙම වෙයි කියලා මගේ නරකම හීනෙන්වත් මං හිතුවෙ නෑ! "
" ................... "
" පොඩි දෙයක්නේ තිසූ! "
" ඒක ඔයාට පොඩි දෙයක් වුනාට මට????? තමන්ට වැඩක් නෑ කියලා හිතෙන හැමදේම අනිත් කෙනාටත් ඒ විදියටම වැඩකට නෑ කියලා කියන්න කොහෙන්ද ඔයාට අයිතියක්? "
" .................... "
" ඔයාට ඒක වැදගැම්මකට නැති වුණාට ඒකෙන් මට ඒවෙලේ දැනුණු දේවල්!!!! ඔයා කොහොමද මට දැන් මේ වෙලේ දැනෙන හැගීම් ගැන වගකියන්නෙ! "
" ..................... "
" මට අදටත් ඒ මොහොත ඒ අතීතෙ මතක් කරන්නවත් බැරි තරම් ඒ සිද්ධියේ එරිලා! එතනින් එහාට යන්න් බැරි තරම් ඒකෙ ගිලිලා!! "
" ම...මං.... මං මොනවද කියන්නෝන කියලා තේරෙන්නෙ නෑ! "
" මට තාමත් ඒ ගැන ඔයාගෙන් අහන්න බෑ. ඔයාගෙන් ඇයි එහෙම කරේ කියලා අහන්න බෑ! මට අහන් ඉන්න බෑ ඒවා! "
" ................ "
" ඉස්සර ඇවිදපු තැන් වල අපි නැවතුනු තැන් වල ඒ ගස් කොළන් වැලි කැට ගල් කැට බොරළු කැට ඒ හුළඟ පවා අදටත් මාත් එක්ක ඒ දවස් වල කතා කරපුවා මුමුණනකොට!!!!!!! මම කොහොමද එහෙම දෙයක් නොව්නා වගේ හිත හදාගන්නෙ! එහෙම දෙයක් වුණේ නෑ කියලා අමතක කරන්නෙ! නැත්තන් හැමදේම වෙන්නෙ හොදටයි කියලා හිතන්නෙ? "
YOU ARE READING
බලා හිදින්නම් මා...
Short Story[Completed] ඒක ඔයාට පොඩි දෙයක් වුනාට මට????? තමන්ට වැඩක් නෑ කියලා හිතෙන හැමදේම අනිත් කෙනාටත් ඒ විදියටම වැඩකට නෑ කියලා කියන්න කොහෙන්ද ඔයාට අයිතියක්?