Ya ra pov.
පාසලේ සීනුව නාද වෙනවත් එක්ක ම english teacher පන්තියෙන් එළියට ගියේ exam එකට සුබ පතලා.. එයා සුබ පැතුවා කියලා exam ලේසි වෙන එකක් ඈ.. මම Anya , mila දෙන්නා එක්ක ම washroom එකට ගියේ Anya එයාගෙ boyfriend ගැන කියන ඒවා අහගන්න ගමන්ම යි...
මම නමින් yara.. kim yara.. එතකොට මගෙ යාලුවො දෙන්නා Anya , Mila.. මගෙ ඉස්කොලෙ මට ඉන්න හොද ම යාලුවො දෙන්නා.. දෙන්න ම රුසියන්.. ඔව් මොකද මං අවුරුද්දකට කලින් මෙහෙ ආවා.. මගෙ ඔප්පා තමයි කොරියානු තානාපතිගේ secretary ... ඉතිං එයා එක්ක ම මාත් මෙහෙට transfer වුණා.. Anya ගෙ boyfriend ළඟ දි ම එනවා කියලා අපිට එයා party එකක් දෙන්න යන්නේ...
ඉතිං ඔයා කොහොම ද එයාව හම්බුණේ.. මම ඇහුවෙ එයා මෙච්චර වෙලා කිව්වෙ කා ගැන ද හම්බුණෙ කොහොම ද කියලවත් දන්නෙ නැති නිසා...
අහ්... යා රා.. ඔයා මොකුත් අහගෙන ඉදියෙ නැද්ද... Anya කෑ ගහද්දි මං මොංගල් හිනාවක් දැම්මා..
එයා.. මට හම්බුණෙ අවුරුදු පහකට කලින්.. අපෙ ඩැඩිගෙ බිස්නස් පාර්ටි එකට ආව.. එදා.. black color outfit එකට හරි ම romantic look එකක් තිබ්බේ.. ඒ ඇස් ඒ තොල්.. ඒ ලස්සන හිනාව.. අම්මොහ්.. පිස්සු හැදුණෙ නැති එක විතරයි...
ඔයා වැඩියෙන් දාලා කියනවා එහෙම නෙවෙයි නේද... මං ඇහුවා.. මොකද ඔච්චර ලස්සන මිනිස්සු ඉන්නව ද මේ ලොකේ..
ඔයා මේ ලොකෙ නෙවෙයි ද යා රා ජීවත් වෙන්නෙ.. මගෙන් ඇහුවේ මිලා..
ඇයි...
අහන කැත.. ඔයාට මේවා තෙරෙන්නෙ නෑ බබා.. එයා කොහොමත් මේ පාර ආව ම මං marry කරනවා...
ඔයා තාම ඉස්කොලෙ යනව නේ..
ඉස්කොලෙ ගිහින් ඉවර වෙනව නේ මේ exam එකෙන් පස්සෙ යා රා... කොහොමත් එයා රෑ පාර්ටි එකට එද්දි මං රෙඩ් කලර් outfit එකක් අදිනවා.. දැක්ක ගමන් එයාව පිස්සු හැදෙන්න..
කාව ද...
අයියෝ යා රා... ji min.... අපෙ anya ගෙ වෙන්න husband ...
ඉතිං එයා ආව ම මොකට ද ඔයාට පිස්සු හැදෙන්නේ.. මං ඇහුවා.. මොකද ඉතිං පිස්සු හැදෙනවා නම් ළගට යන්න හොදයි ඈ..
අනේ යා රා.. ඔයා නම් කිසි ම දෙයක් දන්නෙ නෑ.. මිලා මෙයාට කවදා හරි කොල්ලෙක් හම්බුනොත් මොකක් කියයි ද... anya මට හිනා වෙන ගමන් කියද්දි මිලා..