"අප්පා අද වගේ දවසකවත් එන්නැද්ද ටේ?" ප්‍රයිමරි ක්ලාස් එකේ ඉඳලා හැමදාම අහන ප්‍රශ්ණෙ අදත් කොල්ලා එ් විදියටම අැහුවෙ හිතේ පොඩිහරි බලාපොරොත්තුවක් තියාගෙන.
"ප්‍රෙසිඩන්ට්ට හදිස්සියෙම යූ කේ යන්න වෙලා ජන්කුක්."
හැමදාම වුනා වගේ අදත් බලාපොරොත්තු බිඳිලා යනකොට හුස්මක් පහළට දාපු කොල්ලා ඔඩිටෝරියම් එක දිහාවට අැවිදගෙන ගියා.
ජොන්ග් ජන්කුක් දකුණු කොරියාවෙ ජනාධිපතිතුමාගෙ එකම දරුවා. පොඩි කාලෙම ජන්කුක්ට ඔම්මගෙ අාදරේ අහිමි වෙද්දි කොල්ලගෙ අප්පත් බිස්නස් එකට මුල්තැන දෙනකොට චූටි ජන්කුක්ට අප්පගෙ සෙනෙහසත් අහිමි වුනා. ඔය අතරෙදි තමයි තේහ්‍යුන් කොල්ලගෙ ජීවිතේට එන්නෙ.
ටේගෙ අප්පා එහෙමත් නැත්තන් කිම් අගස්සි කියන්නෙ මිස්ටර් ජොන්ග් විසින් ජන්කුක්ගෙ අාරක්ෂාවට දැම්ම කොල්ලගෙ බොඩිගාඩ්. පොඩිකාලෙ ඉඳන් තනියම හැදුන ජන්කුක්ට කිසිම යාළුවෙක් හිටියෙ නෑ. කොච්චර කාර්යබහුල වුනත් තමන්ගෙ දරුවා ගැන හොයලා බලන්න මිස්ටර් ජොන්ග් අමතක කරේ නෑ. මිස්ටර් ජොන්ග් කිම්ට ටේ ජන්කුක් දෙන්නා සමීප කරන අදහස යෝජනා කරද්දි අකමැත්තක් නැතුවම ජන්කුක්ගෙ නිල අාරක්ෂකයා එ්කට කැමති වුනා.
හේතුව ටේ කියන්නෙත් පොඩිකාලෙ ඉඳන්ම තනිවුන කෙනෙක්. ඉපදෙනකොටම චූටි තේහ්‍යුන්ව බිහි කරලා ටේගෙ ඔම්මා මෙලොවෙන් සමුගනිද්දි කොල්ලගෙ අප්පත් ගොඩක් අසරණ වුනා. හමුදාවෙ මේජර් කෙනෙක් හැටියට කටයුතු කරපු නිසාම කිම්ට සටන් කලාව වගේම අායුධ පුහුණුවත් හොඳ හැටි ලැබිලා තිබුනා.
ටේගෙ ඔම්මා නැතිවුන දවසෙ ඉඳන් චූටි ටේට බොන්න වුනේ පිටි කිරි. ටේ පොඩි කාලෙ ඉඳන් හැදිලා වැඩුනෙ කොල්ලගෙ හැල්මොනී (අාච්චි අම්මා) ලඟ. රස්සාවෙන් ලැබෙන සුළු පඩිය ජීවිතේ තවත් අසීරු කරද්දිත් කිම් තමන්ගෙ රස්සාවෙන් අස්වුනේ තේහ්‍යූන් එ් වෙනකොට අවුරුදු දෙකක දරුවෙක් නිසා වගේම කොල්ලා හැමවෙලේම අප්පගෙ උණුහුම හොයන්න පුරුදු වෙලා හිටිය නිසා. රස්සාවත් නැතුව යද්දි මුලින් ලැබුන සුළු වැටුපත් අතේ නැතිවෙනකොට ටේට ඕන පිටි පැකට් එක ගන්න පවා සල්ලි ප්‍රමාණවත් වුනේ නෑ. කොහොමහරි එදා වේල පිරිමහගෙන චූටි ටේගෙ බඩ පුරවන්නත් තමන්ගෙ ඔම්මව බලාගන්නත් ටේගෙ අප්පා ගොඩක් මහන්සි වුනා.
YOU ARE READING
Falling for president's son [ONE SHOT COMPLETED]
FanfictionJJK one shot 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》