01 DIAMOND INTRO :

264 42 30
                                    

        පොත් දෙකක්ම තියෙනව.මං දන්නව ඒත් මට මේක දාන්නම ඕන. මාව මතකද දන්නෑ🤭 හරියටම මාස 4කින්!

KIM TAEHYUNG's Prov :

        හීනීයට යන පාන්දර පින්නට මට එක දිගටම කිවිසුම් යන්න ගත්ත.ළා කහ පාටට  දැල්විලා තියෙන රාත්‍රී විදුලි ලාම්පු වල ආලෝකය වීදිය ආලෝකමත් කරත් පාන්දර අන්ධකාරය තවමත් එහෙමම තිබ්බ. උසස් පාසලේ අදක්ශම ශිෂ්‍යයා දකුණු කොරියාවෙ පාර්ලිමේන්තුව නියෝජනය කරද්දි හැමදාම පළවෙනිය උන මම අද වීදි පිරිසිදු කරන්නෙක් උනා! දෛවය නපුරුයි වගේ හිතෙනවද? නෑ කොහෙත්ම නෑ ! දෛවය අසාධාරණද? නෑ ඒත් නෑ. එකම දේ අපි තේරුම් ගන්න විදිහ විතරමයි.

        මහ පාන්දර ලාවට VIP වාහනේක නළා සද්දෙ ඇහෙද්දි මම ආම්පන්න ටිකත් එක්ක පාර අයිනකට උනා. පාන්දර පින්න කොච්චර හීතල උනත් ඇගේ මහන්සියට මාව දාඩියෙන් තෙත් වෙලා තිබුනා. උනුසුමයි සීතලයි එකට විදල තියෙනවද? මහ පාන්දර රෝමාන්තික කෙදිරිලි සද්දයක් ඇහුනෙ එහා පැත්තෙ පාර්ක් එකෙන්. හ්හ් එයාල පාන්දර සීතලට ඇග උණුහුම් කර ගන්නව ඇති.

          VIP වාහනේ සද්දෙ ලං වෙද්දි අර රෝමාන්තික කෙදිරිලි මට ඇහෙන්නෙ නැතුව ගියා. කවදාවත් මම හිතුවෙ නෑ ලෝකෙ ඒකාකාරී ශබ්ද මගෙන් ඈත් වෙලා වෙනස්ම විදිහක තනුවක් අහන්න වයන්න වේවි කියල. ඒත් ඒක එහෙම උනා! ඒ වාහනේ දකිද්දිම මම අදුරගත්ත ඒ කවුද කියල. JEON JUNGKOOK! මුළු කොරියාවටම තිබ්බෙ මේ වර්ගෙ වාහන වලින් දෙකක් විතරමයි. එකක් අගමැති පාර්ක් හන්සුන්ගෙ.අනික ජියෝන් ජන්ග්කුක්ගෙ! අගමැති එනව නම් අනිවාර්යයෙන් ම ලොකු ගාර්ඩ් එකක් එනව.ඒත් මේ ජන්ග්කුක් නම් යන්නෙ එක ගාර්ඩ් කෙනෙක් එක්ක. මූණ පොඩ්ඩක් බලන්න තිබ්බ ආසාවට මම ටිකක් ඉස්සරහට උනා. අන්තිමට හරියට තමන් කාපු එක අයින් කරන්න නොදන්න එකෙක්ගෙ වරදකට මට සදහටම වන්දි ගෙවන්න උනා!! අයිනෙ තිබුණ කෙසෙල් ලෙල්ලකට ලෙස්සුව මාව පාර මැදට විසික් උනා!!

MAFIA + TK
LET's Fall in love one more time!!

_MS🌼_

         

D I A M O N D🚬🗞️Where stories live. Discover now