Xiao Zhan's pov
මම ශියාඕ ශාන් .වයස 24යි.
බීජිං වල හිරු අවරට යමින් තිබුනා . සෞම්‍ය සුළඟක් නිසා අවට තියෙන ගස් වල වියලි කොල නිදහසේ බිම වැටුනා.ඒ වෙලාවෙ මම හිටියේ උද්‍යානයක කෙලවර තියෙන අයිස්ක්‍රීම් කරත්තයක් ලඟට යන ගමන්. බලන බලන තැන කොල්ලෝ කෙල්ලෝ අත් පටලවගෙන ආදරේ කරනවා.මං එයාලා දිහා බැලුවේ සමච්චල් බැල්මකින්. අයිස්ක්‍රීම් කරත්තෙ ලඟ හතරපස් දෙනෙක් වට වෙලා ඉන්නවා මං දැක්කා. පොරකන්න බැරි නිසාම මං එතන හිස් වෙනකම් ඉඳලා එතනට ගියා.
"මට මින්ට් චොකලට් අයිස්ක්‍රීම් එකක් දෙන්න"
ඒත් එක්කම කොහෙදෝ ඉඳන් දුවගෙන ආපු කෙනෙක් නැවතුනේ මගේ ඇඟේ වැදිලා.
"I'm sorry"
එයා හති දමමින් මට හිනාවක් දාලා කිව්වා.ඒ හිනාව දැක්ක ගමන් මට කරන්ට් එකක් වැදුනා වගේ,මගේ අතේ මිට මෙලවුනා.මං මගේ කේන්තිය පාලනය කරගෙන හිටියේ හරිම අමාරුවෙන්. ඒ ඇස්,ඒ හිනාව ඒ එයාම තමයි. මං පුපුරු ගහන ඇස් වලින් එයා දිහා බලන් ඉද්දී මං දැක්කා ඒ ඇස් ගැස්සුනා.අයිස්ක්‍රීම් කරත්තෙ පොලේ ගහන්න තරම් කේන්තියක් එද්දී මං සල්ලි ගෙවපු අයිස් එක වත් ගන්නෙ නැතුව ආපහු හැරිලා ආවා. මට එන්න හම්බවුනේ ටික දුරයි.
"මේ excuse me...ඔයාගේ අයිස්ක්‍රීම් එක "
මං හැරිලා බලද්දී එයා හිටියේ මගෙ ඉස්සරහ ,හිනා කටක් පුරවගෙන අයිස්ක්‍රීම් එකකුත් මගෙ පැත්තට දික්කරගෙන. මං එයාගෙ අතින් අයිස්ක්‍රීම් එක ඇදලා අරන් එතනම පොලවෙ ගහලා ආපහු හැරිලා ආවා.විනාඩියක් වත් ගියේ නෑ එයා මාව ඉස්සර කරගෙන මගෙ ඉස්සරහට ආවා.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanfictionවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤