🌄🌄🌄🌄🌄🌄
" හචීංං🤧"
හුවෑ.....වැස්සෙ ලව් කළාට මොකද දැන් තමයි ආතල් එක....සැක්.... බෙහෙත් මොනාහරි ගන්න ඕනේ.....
" හචීංං🤧"
මම නහයට ලේන්සුවකුත් තියාගෙන කෝට් එකත් ඇගට දාගෙන ඔෆිස් එකට යන්න පිටත් උනා.....
වට පිට බල බල මම උඩ ඔෆිස් එකට ආවෙ ශාන්ගා කොහේ ඉන්නවද කියල හිතන ගමන්...සමහරවිට එයා අතන ground එකේද දන්නෑ....මම දැක්කා එනකොට ඔක්කොම solidersල එක පේළියට ground එකේ හිටන් ඉදියා.....
" ඩොක්ටර් අද ඔයාට මිටින්ග් එකක්...."
එහෙම කිව්වෙ eun...
" personalද officialද......??"
" ඇහ්......??"
" ඔයාගෙ ලොක්කට මාව මිටින්ග් එකට ගෙන්වගන්න ඕනේ පර්සනලිද ඔෆීෂියලිද....හචීංං🤧 ..??"
" අහ්.....?? මට පැහැදිලි නෑ....ඩොක්ටර් ...."
" හයියෝ....දරුවො....දැන් ඔය මිටින්ග් එක තියන්නෙ ඇයි......."
" ඒක මන් දන්නෑ ඩොක්ටර් .... අද ලොක්කො හැමෝමත් එනව... ඩොක්ටර්ට කට පරිස්සම් කරන් ඉන්න වෙයි......"
අත්සන් ලේඛනේ පෙරල පෙරල අත්සන් දදා ඉදපු මම ගැස්සිලා කොල්ලා දිහා බැලුවෙ ඒ කියපු හරුපෙට.....
" ඈ යකෝ..... මොකද්ද ඒ කියපු කතාවෙ තේරුම අහ්....හචීංං🤧 ..???!!!!"
" දැක්කනේ..... මේ කැම්ප් එකේ ඔෆිස් එක මේ විදියට දෝංකාර දෙන්නෙ ඩොක්ටර් ආවහම විතරයි .....නැත්තන් හරිම සාමකාමී....."
" දැන් තමුන් කියන්නෙ මම නිසා සාමකාමීත්වයත් බිදෙනව කියලද අහ්......???!!!!"
" ඩො......ක්....."
" ✋ ඔහොම ඉන්න දරුවො...හචීංං🤧 ....පොඩි කොල්ලා....තමුසෙ මොනා දන්නව කියලද...ඔයාලා තවම ලොකෙ දැකලා නෑ දරුවො....දැන් කියන්න බලන්න මගේ කටේ අව්ල මොකද්ද කියල .....??"
".................."
" ඈ කොල්ලෝ.......??"
"..................."
" හුහ්......මටෝන්නන් මන් කතා කරනව .....නැත්තන් නිකන් ඉන්නව.... පුෆ්.....!!"
පොඩි පොඩි කිව්වට eun කොළුවත් මට වඩා ටූ යෑස් වැඩිමල්....අව්ලක් නෑ.....ගැම්මෙන් ඉන්නෝනෙ....ඌ දන්නෑනේ මන් බාලයි කියල ....