" Excuseme lawyer sir.. " , ඒ වනාහී සියුමැලි මුත් තාරුණ්‍යයේ ගැඹුර පිරි පුරුෂ හඬකි.
නීතීඥ කාර්යාලය තුළ වැඩ මේසය අසල හිඳ හුන් නීතීඥවරයා සිටියේ නළල මත හස්තය තබාගෙන මේසය මතට බැල්මක් හෙලාගත් වනමය.
ඔහුට කිසිවක් නෑසිනි.
නැවතත් පෙර වාක්‍යම පුනරුච්චාරණය කළ තරුණයා කාර්යාල ද්වාරයෙන් කාර්යාලය තුළට පය තැබුවේය.
විවරව තිබූ ජනෙල් පියන් හරහා වැහිකෝඩයේ අන්ධකාරයත් ගුප්ත බවේ සීත සුළං රැල් ද ගලා ආයේය.
නීතීඥවරයා පෙර හුන් අයුරින්මය.
තම නළල මත වැටුණු කැරලි කොණ්ඩය නිසිලෙස පැත්තට හිටින සේ සකසගත් තරුණයා තරමක් හඬින් උගුර පෑදුවේ මඳක් මැදිවියේ හුන් නීතීඥවරයාගේ උපැස් යුවළට එහායින් මේසය මතට යොමු වූ දිගැටි දෙනෙත් වෙත බැල්මක් හෙලමින්.
ඔහු තවම නිහඬය.
" මේ මනුස්සය බීරිද මන්ද... " සිතූ තරුණයා මේසය තරමක් සෙලවෙන ලෙසින් එය මතට තට්ටු කිහිපයක් තබමින් " Excuse me lawyer sir.. are you hear me.. ? " යැයි පැවසුවේ තරමක් වැඩි හඬකින්.
සෙමෙන් සෙමෙන් මුහුණ එසැවූ නීතීඥයා තරුණයාගේ නෙත් වෙත එක එල්ලයේම බැල්මක් හෙලූයේ වෙහෙසකර වතකින්.
මඳ සිනා පෑ මෙම මිනිසා " I'm extremely sorry mister. Please take a sit.. " නළල කසමින් අසුනක් වෙත එක් අතක් පාමින් තම උපැස් යුවළ ගලවා මේසය මත තබා තම අසුනේ ඇන්දට බරදී සුසුමක් හෙලීය.
" මට පුංචි වෙලාවක් දෙන්න පුළුවන්ද ? Please.. "
එය ඉතා අපූර්ව ය. සුන්දර ය. කන්කළු ය.
ආයාචනාත්මක ස්වරයකින් පැවසූ නීතීඥයා තරුණයා දෙස බලාහුන්නෙය.තිගැස්සී ගිය හෙතෙම " ok.. ok.. , කමක් නෑ සර් " කළබලකාරී ලෙස පවසා එක් අසුනකින් වාඩි වූයේ අපහසුතාවට පත් සිනහවක් සමඟ.
" මිසිස් කෝදාගොඩ, මොකක්ද අපි ඉස්සෙල්ල කතා කර කර හිටියෙ.. " යැයි පවසමින් නීතීඥ මහත්මයා හැරුණේ තරුණයාගේ අනෙක් පස වූ හිස් අසුන වෙත.
" ආ.. ඔව් , ඔයායෙ devorce එක නේද " හිස වනමින් පැවසූ ඔහු,
" දැන් මෙහෙමයි මිසිස් කෝදාගොඩ , ඔයා දන්නවා.... දැනටමත් ඔයා මැරිච්ච කෙනෙක්. මට හිතෙන්නෙ නෑ.. ඔයා ඔයාගෙ husband ගෙන් devorce වෙන එකෙන් ඵලක් තියෙනව කියල. " බැරෑරුම් ලෙස හා අර්ථාන්විත ලෙස පැවසුවේය.