🖤සිව්වන දිගහැරුම💎

726 175 22
                                    

පහුවදා යුනි යන්න හිතාගෙන උදේම නැගිට්ටා.

"ආයේ කවදා මට එයාව දකින්න හම්බෙයිද පීට්. මට එයත් එක්ක කතා කරන්න ඕනේ."

"අපි ඉතින් ඒ මනුස්සයා ඉන්න දිහාවක්වත් හරියට දන්නවා කියලායැ.සමහරවිට ආයෙ හම්බනොවෙන්නත් පුළුවන්."

"ජරා කතා කියන්න එපා මෝඩයෝ."

පීට් ට බැන බැනා මම ලෑස්තිවෙලා එලියට ගියා. පීටුත් මාත් එක්කම වගේ එලියට ආවා. Apartment එකේ ඉඳන් බස් හෝල්ට් එකට ටික දුරක් පයින් යන්න ඕන.  අපි ටික දුරක් යනකොට මෙන්න අර නපුරාගේ කාර් එක තියෙනවා. එයා ඒකට හේත්තු වෙලා අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නවා. ශා..... එයා කොච්චර ලස්සනයි ද....එයා ඇවිත් තියෙන්නේ මාව බලන්න ද එතකොට? නෑ නෑ නැතුව ඇති. ඒ උනාට මට ඇත්තටම ඕනි උනා එයා එක්ක කතා කරන්න.

"Good morning ගගා"

"මෝනින්"

මම හිනා වෙලා කතා කලාට එයාගේ මූනේ නම් කිසිම තෙතමනයක් තිබ්බේ නෑ. හරියට අවුරුදු ගානකින් වැහැලා නැති කාන්තාරයක් වගේ.

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?"

"නගින්න."

එයා මට කාර් එක පෙන්නුවා. මං කෙලින්ම බැලුවේ පීට් දිහා.

"ඕන නම් එයාටත් එන්න කියන්න."

"නෑ නෑ ඔයාලා යන්න. මට වෙන ගමනක් යන්න තියෙනවා."

පිට් ඒ කිව්වේ පට්ටපල් බොරුවක්. එයා කාර් එකට නගිද්දි මාත් එහා පැත්තෙන් නැග්ගා. මට එයත් එක්ක කතා කරන්න මොකද්දෝ මොකද්දෝ අමුත්තක් දැනුනා. ඒක බය මිශ්‍ර ලැජ්ජාවක් වගේ දෙයක්.එයා වාහනේ ස්ටාර්ට් කර ගත්තා.

"ගගාගේ නම මොකද්ද?"

"මම ශියාඕ ශාන් .ඒත් මට හැමෝම කියන්නෙ සනී කියලා"

හැමෝම කියන නම මං කියන්නෙ මොකටද ?මං ශාන් කියලා කතා කරනවා"

"ම්ම්ම් ශන්ගා මගේ නම යීබෝ" 

ඒක කිව්වා විතරයි එයා එකපාරටම මාව උඩ විසික්වෙන්න බ්‍රේක් ගහලා මං දිහා බැලුවෙ හරියට යකෙක් දැක්කා වගේ..

BLAcK DiAmOnD 💎 (Completed )Where stories live. Discover now