Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 05___________ ♡ __________
දුහුල් ස්වේත වර්'ණ කමිසයකින් සැරසිලා හිටපු මින්ගෙ කිරිගරුඩ කලවා වලින් තුන්කාලක් විතර යන්තමින් ආවරණය වෙලා තිබුනෙ කලු පාට කොට කලිසමකින්. තමන්ගෙ ගෙදර දැන් තමන් ඇරෙන්න කවුරුත්ම නැති නිසා මින්ට ඇඳුම් නැතුව හිටියත් ඇත්තෙන්ම ඒක ප්‍රශ්නයක් වුනේ නෑ..ඒ වුනත් ඔහු ජීවත් වුනේ තමන් අඳින ඇඳුම ගැන අවධානය යොමු කරන්න පුලුවන් තරමෙ මානසික සුවයක නෙවෙයි. ගෙවිලා යන පැය දෙක.. ඊටත් වඩා තත්තපරය පවා ඔහුට දැනුනෙ කල්පයක් වගේ..
තමන්ගෙ වැඩිමල් සහෝදරයා නැති වුන සිදුවීමේ දුක විතරක් මින්ට විඳින්න තිබුනා නම් ඇත්තටම ඔහු ගොඩක් අමාරුවෙන් හරි හිත හදා ගන්න තිබුනා කියලා මට විශ්වාසයි.. ඒ වුනත් ඔහුට ඊටත් වඩා මහ ගොඩක් ප්‍රශ්න ඔලුව උඩට පැටවිලා තිබුනා.
මාසික වැටුප වොන් පනස් දහසක තරම් සොච්චම් මුදලක් විතරක් අතට ලැබෙන ඉරිදා පමනක් නිවාඩු තිබුන ඔහුගෙ ලිපිකරු රැකියාව ඇරෙන්න වෙන රැකියාවක් කරන්න තරම්වත් අධ්‍යාපන සුදුසුකමක් මින්ට තිබුනෙ නෑ.
කුඩා වුනත් ඔහු ජීවත් වුන නිවසෙ විදුලි බිල්පත්, ඒ වගේම ජල බිල්පත්, තමන්ට ආහාර ගන්න ඕනි වුන ආහාර ද්‍රව්‍ය.. ඊටත් වඩා තවත් කොච්චර දේවල් ද..! ඒ හැමදේම දැන් පැටවිලා තිබුනෙ ජී මින්ගෙ ඔලුවට.. ඇත්තටම ඒ හුරුබුහුටි තරුනයා තමන්ගෙ වැඩිමල් සහෝදරයත් එක්ක ජීවත් වෙන කාලෙ ජීවිතේ මෙච්චරටම බරපතල ඇති කියලා හිතන්න නැතිව ඇති.
ඔහුට දැන් තමයි තේරෙන්න පටන් අරන් තිබුනෙ තමන්ගෙ සහෝදරයා තමන්ව ජීවත් කරවන්න කොච්චර මහන්සි වෙලා තියෙන්න ඇති ද කියලා.. ජීවන බර ඇත්තෙන්ම සෑහෙන්න ඉහලයි..
මේ ජී මින්ට තනියම ජීවත් වෙද්දි ලැබුණ සියලු අභියෝග නෙවෙයි. මේ ඒවයින් දහයෙන් එකක්.. නැහැ.. එහෙමත් නැතිනම් සීයෙන් එකක් වගේ කිව්වොත් මන් නිවැරදි වේවි.. ඒකත් ආසන්න වශයෙන්..!
ඒ කොහොම වුණත් අර ආඩම්බරකාර ජොන් ජන්කුක් හිතන් හිටපු තරම් හුරුබුහුටි පාක් තරුණයා දුර්'වල වුනේ නම් නෑ.. තමන්ගෙ සහෝදරයා නැතිවෙලා දින තුනකට පස්සෙ ඒ මරනය වෙනුවෙන් ඔහුගෙ දෑස් වලින් එක කදුලක්වත් වැටුනෙ නෑ..
YOU ARE READING
IDELLIC TEAR | JIKOOK AU | ✔️
Fanfictionමා දෑසින් සදහට නික්මූ සාමකාමීම කදුල ඔබ.. It's you ~ The most peaceful tear My eyes ever gained.. ~~ JIKOOK AU Top - Jungkook Jeon Bottom - Ji Min Park - JM, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~